Divaina - අම්මයි පුතයි සුවිසල් මන්දිර කුලියට අරන් ගජරාමෙට කසිප්පු පෙරළා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p3 2- අම්මා සහ සහායක අත්අඩංගුවට

කාන්තාවක් සිය තරුණ පුතු සමග එක්ව කටාන පොලිස් බල ප‍්‍රදේශයේ සුවිසල් නිවසක පවත්වා ගෙන ගිය මහා පරිමාණ මත්පැන් ස්කාගාරයක් වටලා රුපියල් ලක්‍ෂ හතළිහකට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී මත්පැන් තොගයක්, ගෝඩා සහ පෙරීමේ උපකරණ විශාල ප‍්‍රමාණයක් සමග සැකකාර කාන්තාව සහ ඇයගේ සහායකයා 30 වැනිදා රාති‍්‍ර අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය සමත්ව තිබේ.

ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් රාජපක්‍ෂ මහතා ඇතුළු පොලිස් කණ්ඩායම නිවස වටලා පරීක්‍ෂා කිරීමේදී මත්පැන් බෝතල් 405ක්, බැරල් 45ක බහා තිබූ ගෝඩා මිලිලීටර් අසූ ලක්‍ෂයක්, ගෑස් ටැංකි 11ක්, ගෑස් ලිපි 03ක්, දඹ දඟර 04ක් ඇතුළු පෙරීමේ උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ කුඩා ලොරි රථයකට මත්පැන් බෝතල් 100ක් ඇසුරුම් කර රැුගෙන යෑමට සූදානම් කර තිබී ඇති අතර එම ලොරි රථය දමා රියැදුරු පලාගොස් ඇත. ලොරි රථය ද පොලිස් භාරයට ගෙන පලාගිය සැකකරු සොයා පරීක්‍ෂණ සිදුකරන බැව් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකාර කාන්තාව පාළු ප‍්‍රදේශවල සුවිසල් නිවාස අධික මිලට කුලී පදනම මත ලබාගෙන ස්ථාන මාරු කරමින් දීර්ඝ කාලයක පටන් ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇත. තාප්පවලින් වටකර ආරක්‍ෂිත කැමරා යොදා තිබූ කටානේ නිවස මසකට රුපියල් විසි දහසක මුදලකට ලබා ගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකාර කාන්තාවගේ පුතා නිවසින් බැහැරට ගොස් සිට ඇති අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ 45 හැවිරිදි කාන්තාවක සහ හසලක ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩු භාණ්ඩ සමගින් කටාන පොලිසියට භාර දී තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂක පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රශාන්ත මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැරයන්වරුන් වන (6655) වර්ණසූරිය, (34905) සම්පත්, කොස්තාපල්වරුන් වන (92895) මිතිල, (75056) ඉන්දික සහ පො.කො.රි (80553) ලක්මාල් යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

බණ්ඩාරගම ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles