කොටවෙහෙරගල පුරාණ රජ මහා විහාරයේ චෛත්‍යය ඉකුත් 29 දා වෙනිදා රාත්‍රි නිධන් හොරුන් විසින් හාරා ඇති බව විහාරාධිපති කලගහතැන්නේ විමලවංශ හිමිපාණන් වහන්සේ පොලිසියට පැමිණිලි කළහ.
නිධන් හොරුන් විසින් චෛත්‍යය පාමුල හාරා ඇති අතර චෛත්‍ය පහළ කොටස විනාශකර ඇත.
එහෙත් කිසිවක් රැුගෙන ගොස් ඇති බවට සාක්ෂි නොමැති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත. සිද්ධිය පිළිබඳව වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. රත්නායක මහතා පරීක්ෂණ පවත්වයි. චෛත්‍යයේ පාදම කොටස නිධන් හොරුන් හාරා ඇති අයුරු ඡුායාරූපයෙන් දැක්වේ.
බඩල්කුඹුර - රවිඳු ගුණතිලක