Divaina - රැඳවියකුගේ ගුද මාර්ගයේ හෙරොයින්... ගාල්ල බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්:

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල

salliachchu333

ගාල්ල බන්ධනාගාරය තුළ කරනු ලැබූ සොදිසියකදී රැඳවියකු විසින් ගුද මාර්ගයේ සඟවාගෙන සිටි හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 02 ක් හා මිලි ග‍්‍රෑම් 270 ක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන එම මත්කුඩු පෙරේදා (29 දා* භාරදුන් බව ගාල්ල පොලිසිය පවසයි.

බන්ධනාගාර නිලධාරින් විසින් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පරීක්ෂා කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ඉකුත්දා රාති‍්‍රයක සිදු කරනු ලැබීය. එම පරීක්ෂාවේදී එක් රැුඳවියකු විසින් සිය ගුද මාර්ගයේ මත්කුඩු සඟවාගෙන සිටි බව බන්ධනාගාරයේ උසස් නිලධාරියකු සඳහන් කළේය. බන්ධනාගාරය තුළ අඛන්ඩව සෝදිසි මෙහෙයුම් සිදු කරන බවද එම උසස් නිලධාරියා පැවසීය.

මත්කුඩු ගුද මාර්ගයේ සඟවාගෙන සිටියදී සොයාගත් රැුඳවියා 30 හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු අහංගම ගොවියාපාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර රැුඳවියා ලබන 06 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles