Divaina - ඉදිරියේදී බඩු මිල සියයට 67 කින් වැඩිවෙනවා...

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අකිත පෙරේරා
 
 tissa134දැනට පවතින ආර්ථික අර්බුධද නිසා ඉදිරි මාස එකහමාර ඇතුළත උද්ධමනය වැඩිවී රටේ බඩුමිල වැඩිවීම සියයට 67 කින් වැඩිවන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.
 
 සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේදී (29 දා* පැවැති මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටි හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
 
 අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ විශේෂ ප‍්‍රකාශයක් කළා. එහිදී එතුමා කියනවා විදේශ කුමන්ත‍්‍රණය අනෙක කරුණා අම්මාන් බේරා ගැනීමට ඉතා විශාල මහන්සියක් ගත්තා. අගමැතිවරයාත් මේ රටේ නීතියට ගරු කළ යුතු පුද්ගලයකු කියලයි අපි නම් හඳුන්වන්නේ. මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වෙනවා. ඔහු මැතිවරණ නීති රීතිත් පිළිපැදිය යුතු වෙනවා.
 
 නමුත් ඊයේ කළ විශේෂ ප‍්‍රකාශය මඟින් ඔහු දේශපාලන කතාවක් කළේ නැතුව රටේ නව ප‍්‍රතිපත්ති ගැන කතා කළේ නෑ. අනාගත වැඩ පිළිවෙළක් හෝ එහිදී ඉදිරිපත් වුණේ නෑ. ඔහු කළේ තනිකරම දේශපාලන කතාවක්. එහෙම කරලා ඔහු දේශපාලන කතාවක් කළා කියලා කවුරු හරි චෝදනා කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නිවැරදියි. අපි අහනවා මැතිවරණ කොමිසමෙන් ඒ අය නිතරම කියනවා මැතිවරණ නීති රකින්න ඕනා කියලා මේ වගේ මැතිවරණ නීතිවලින් පිට වැඩ කරන්න බෑ. මේ වනවිටත් අඩුම තරමේ කාර්යාල ආරම්භ කිරීම සහ කාර්යාල විවෘත කිරීමටවත් අවසර දී නෑ. ඒවාටත් දැඩි නීති හඳුන්වලා දී තිබෙනවා. ඒ වගේම 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ කි‍්‍රයාත්මක විය යුතු තත්ත්වයන් ගැන නීති තදින්ම කි‍්‍රයාත්මක වෙනවා.
 
 මේ වාසිය ගන්නේ ආණ්ඩුවයි. මහින්ද රාජපක්ෂ කළ ප‍්‍රකාශයත් ඒ වගේ එකක්. කාලයක් රණවිරුවන් විකුණගෙන කෑවා. ජාතිවාදය ඇවිස්සුවා. ආගම්වාදයක් අවුස්සලා දේශපාලනය කළා. දැන් මේ අය විදේශ කුමන්ත‍්‍රණයක් ගැන කියනවා. මෙහි යටි අරමුණ වෙන මොකක්වත් නොවෙයි ඒ අය නිල බලය යොදාගෙන මැතිවරණය කරනවා. අපි ඊට දැඩි අප‍්‍රසාදය පළ කරනවා. එවැනි අවස්ථා අනෙක් අයටත් අවශ්‍යයි. සජිත් පේ‍්‍රමදාස මහතාටත් එවැනි ආකාරයට ජාතිය ඇමතීමට අවස්ථාවක් ලබාදී ඒ සමබරතාව අවශ්‍යයි. මේ වන විට එම්. සී. සී. ගිවිසුම ගැන විශාල ප‍්‍රචාරයක් යනවා. මේ ගිවිසුම කියන්නේ කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා වූ වැඩසටහනක්. මේ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක් අපිට ප‍්‍රදානයක් ලෙස ලැබෙනවා. නමුත් මෙතැන තියෙන ප‍්‍රශ්නය.
 
 ඒ ස්ථාවරයේ අපි තවමත් සිටිනවා. දැන් ආණ්ඩුය යළිත් එම්. සී. සී. ගිවිසුම අරං ආණ්ඩුව දේශපාලන වාසියක්
 
 ගන්න උත්සාහ කරනවා. එම ගිවිසුම අනාගතයේදී කි‍්‍රයාත්මක කරනවාද නැද්ද කියලා ආණ්ඩුව කියන්න ඕනා. මොකද දැන් බෝලය තිබෙන්නේ ආණ්ඩුව අතේ මේ කොමිටි පත් කරලා වාර්තා ලබාගෙන වාද විවාද කරලා මේ දේශපාලනයට ඈඳා ගන්නේ නැතුව පැහැදිලිවම ස්ථාවරය කියන්න ඕනා මේ ගිවිසුමට මොකද කරන්නේ කියලා.
 
 ඇයි මේක කරලියට ගේන්නේ කියලා. මේ ගිවිසුම මඟින් ආණ්ඩුවේ ප‍්‍රචාරක යාන්ත‍්‍රණයට යම් වාසියක් ගන්නයි. නැතුව සැබෑ වුවමනාවක් නෑ.
 
 ඒ වගේම මේ ආර්ථික අර්බුදය වළක්වා ගැනීමට ආණ්ඩුවට යම් මූලෝපායක් තිබෙනවාද කියලා අපි අහන්න ඕනා. එහෙම කිසිම වැඩපිළිවෙළක් ආණ්ඩුවට නෑ. රට අයාලේ යනවා. මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ප‍්‍රකාශයක් මම ඇහුවා ඔහු කියනවා මේ මොහොත වනවිට අලූත් මුදල් නෝට්ටු රුපියල් බිලියන 500 ක් මුද්‍රණය කරලා හමාරයිලූ. තවත් රුපියල් බිලියන 120 ක අලූත් මුදල් නෝට්ටු මුද්‍රණය කරන්න කියලා ආණ්ඩුව උපදෙස් දීලා තිබෙනවාලූ. මේ හරහා කුමක්ද සිද්ධවෙන්නේ මේ මුද්‍රණය කරන මුදල් ප‍්‍රමාණයට අපිට වත්කම් තිබෙන්න ඕන. විදේශ මුදල් රටට එන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නෑ. මේ නිසා රටේ උද්ධමනය දැන් වැඩිවේවි. ආර්ථික අර්බුදයක් ඒවි. දැන් මේ ආකාරයෙන් ඇතිවන ආර්ථික අර්බුදය නිසා ඉදිරි මාස එකහමාර ඇතුළත රටේ බඩුමිල වැඩිවීම සියයට 67 කින් වැඩිවෙනවා. මෙය බරපතළ දෙයක්.
 
 මෙහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා,
 
 මේ රටට කොවිඞ් වසංගතය එන්න පෙර මහා බදු නිදහසක් ලබා දුන්නා. ඒ තුළ විශාල ආර්ථික ව්‍යසනයකට ආණ්ඩුව ලක්වුණා. ඒ තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ආදායම් ලබාගැනීම හරි අඩකින් අඩුවුණා. මේකට රජය ගන්න පියවර කුමක්ද. අරගෙන තිබෙන පියවර තමයි අර අසරණ වෙලා සිටින ජනතාවට තවත් බදු එකතු කිරීම.
 
 ඒ වගේම විදුලි බිල. අපේ රටේ වැඩිපුර විදුලිය නිපදවන්නේ ගල් අඟුරුවලින් ගල් අඟුරු මිලත් ලෝක වෙළෙඳපොළේ දැවැන්ත ලෙස අඩුවෙලා. නමුත් ඒ සහනයත් අපේ ජනතාවට ලැබෙන්නේ නෑ. මේ විදුලි බිල හැදුවේ කොහොමද කියලා මණ්ඩලය කියන්න ඕනා. ඒ වගේම ජල බිලත් අඩු කළ යුතුව තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධක ලබාදීලා නෑ. අපේ රජය වැටුප් වැඩිකළා විතරක් නොවෙයි ඒ ලබාදුන් වර්ධක මූලික වැටුපට එක්කළා. අද එහෙම නෑ. දිරි දීමනා නෑ. සංවර්ධන වැඩසටහන් නෑ. අද රජය දරුණු ලෙස ඩොලර් හිඟයකට වැටිලා සිටිනවා. මේ නිසා ආනයන සීමා කරලා. මේ නිසා රට තුළ දරුණු සේවා සහ භාණ්ඩ හිඟයකට ලක්වෙලා තිබෙනවා. පොහොර හිඟයි. ඖෂධ හිඟයි.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles