Divaina - කාන්තාවකට මරණීය තර්ජන කර ගෙල බැඳි රන් මාලය උදුරා නිරුවත් ඡායාරූප අරගෙන.... ෆේස්බුක්වලට දමන බව පවසා තර්ජනය කරලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
 
 ඇතිමලේ, කොටියාගල ප‍්‍රදේශයේ නිවසකට ඉකුත්දා රාත‍්‍රියේ ඇතුළු වූ පුද්ගලයකු නිවසේ සිටි කාන්තාවකට පිහියක් පෙන්වා මරණීය තර්ජනය කොට ගෙල බැඳි රන් මාලය උදුරාගෙන ඇයගේ උඩුකය නිරුවත් කොට ජංගම දුරකතනයකින් රූගත කිරීමේ සිද්ධියක් පිළිබඳව ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 
 තණමල්විල සූරියආර පදිංචි අවුරුදු හතළිස් එකක් වයසැති මෙම කාන්තාව ඇතිමලේ, කොටියාගල ප‍්‍රදේශයේ පිහිටි තම දෙමව්පියන්ගේ නිවසට පැමිණ සිට ඇත.
 
 එදින රාත‍්‍රී 11.00 ට පමණ නාඳුනන අයෙකු නිවසට ඇතුළු වී පිහියක් නළලට තබා මරණ බවට තර්ජනය කර ගෙල බැඳි රන් මාලය ගළවාගෙන පසුව ඇඳ සිටි රාත‍්‍රී ඇඳුම ගලවා ජංගම දුරකථනයකින් ඇයගේ නිරුවත් උඩුකය ඡායාරූප ගතකොට සිද්ධිය කිසිවකුට හෝ කියා තිබුණොත් නිරුවත් ඡායාරූප ෆේස්බුක්වලට දමන බව පවසා පිටවගොස් ඇත. සිද්ධිය පිළිබඳ ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles