Divaina - වළසෙක් පොතුවිල් නගරයට පැමිණීමෙන් මහා ගාලගෝට්ටියක්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දඩයම්තලාව - පී. ජයසිංහ
 
walaha444 පොතුවිල නගරයට පැමිණි වළසෙක් වනජීවී නිලධාරීහු කුමන වන උයනට මුදා හරිති.
 
 පොතුවිල නගරයට ඉකුත්දා රාත‍්‍රි කාලයේ පැමිණි වළසෙකු එදින උදෑසන කැලයට ආපසු යෑමට මඟ සොයා ගැනීමට නොහැකිව අතරමං වීමෙන් නගරයේ මහත් ගාලගෝට්ටියක් ඇතිවිය.
 
 අලූයම 5.30 ට පමණ ලංගම බසයක රියැදුරෙකු විසින් මෙම වළසා මුලින්ම දැක ඇති අතර ඒ බව නගර වැසියන්ට පැවසීමෙන් පසු ඒ අවට සිටි පිරිස බියට හා කලබලයට පත්ව ඇත.
 
 මිනිසුන්ගේ කෑකෝ ගැසීමෙන් බියට පත් වළසා ඉන්ධන හල පිටුපස ප‍්‍රදේශයේ සැඟවී ඇති අතර නගර වාසීහු ලාහුගල වනජීවී කාර්යාලයට දැනුම් දී තිබිණ.
 
 පසුව එම වළසා අල්ලා ගැනීමට අම්පාර වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා දැනුම්වත් කර ඇත. ඒ අනුව පශු වෛද්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පොතුවිල බලා දහවල් 12 ට පමණ පැමිණ වළසා නිර්වින්දනය කර ඇත.
 
 අනතුරුව කුමන ජාතික වනෝද්‍යානයට ගෙන ගොස් මුදා හැරීණි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles