Divaina - ටයර් දමා ගිනිතබා පුද්ගලයකු ඝාතනය කර තිබූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි.... ටිපර් හිමිකරුවාගේ බිරිඳ සමග රියැදුරු අනියම් ඇසුරක් පවත්වලා... එකට මත්පැන් පානය කර පසුව ගෙල කපා පුළුස්සා දමලා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

දඹුල්ල - සරත් එරමිණිගම්මන
 
දඹුල්ල, ඉහළ ඇරැුව්වල, මහාගෝන වැව ප‍්‍රදේශයේ ජනශූන්‍ය වන ලැහැබක ටයර් දමා ගිනිතබා අභිරහස් ලෙස පුද්ගලයකු ඝාතනය කර තිබූ සිද්ධියේ සුලමුල අනාවරණය කරගත් මාතලේ දිස්ත‍්‍රික් අපරාධ කොට්ඨාසය සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් දඹුල්ල පොලිසියට පෙරේදා (29 දා* රාත‍්‍රියේ භාරදී ඇත.
 
 ඉකුත්දා දඹුල්ල පොලිසියට ලද තොරතුරක් මත අදාළ ප‍්‍රදේශයට ගොස් සොයා බැලීමේදී ඒ මොහොත වනවිටත් දැවෙමින් තිබූ මළසිරුර අත්හැර දමා තිබූ අඩි හතරක්, පහක් පමණ ගැඹුරැුති වගා ළිඳක් යැයි සැලකෙන වළක තිබී සොයා ගැණුනි. ඝාතනයට ලක්ව තිබූ පුද්ගලයා කහවත්ත ප‍්‍රදේශයේ පදිංචි වැලි ටිපර් රථ රියැදුරෙකි.
 
 අත්අඩංගුවට පත්ව ඇත්තේද වැලි ටිපර් රථ හිමිකරුවන් තිදෙනෙකි. මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරුගේ බිරිඳ සමග ඝාතනයට ලක්වූ වැලි ටිපර් රථ රියදුරා අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
 මළසිරුර පිළිස්සෙමින් තිබූ ස්ථානයට මීටර් 200 ක් පමණ දුරින් මහා ගෝන වැවට යන මාර්ගය අයිනේ තිබී මෙම පුද්ගලයාගේ  ඝතනය සිදු කරන්නට පෙර ප‍්‍රධාන සැකකරු සමග මත්පැන් පානය කර පසුව ගෙළ කපා ඝාතනය කර ඇති අතර පසුව පැරැණි වගා ළිඳට මළසිරුර ඇදගෙන විත් දමා ඊට දින කීපයකට පසු රැුගෙන එන ලද ටයර් දමා පුළුස්සා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles