Divaina - කහටගස්දිගිලිය වහගහපුවැව ශ‍්‍රී සුමංගලාරාම විහාරාධිපති පහළ හල්මිල්ලෑවේ රතනසිරි හිමියන්ට අමානුෂික පහරදීමක් - බරපතළ තුවාල ලැබූ හිමියන් රෝහලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

-p3 1 සැකකරුවන් තවමත් නිදැල්ලේ - දායකයෝ පොලිසියට එරෙහිව ඞී.අයි.ජී. ළඟට යති

කහටගස්දිගිලිය වහගහපුවැව ශ‍්‍රී සුමංගලාරාමයේ විහාරාධිපති පූජ්‍ය පහළහල්මිල්ලෑවේ රතනසිරි හිමියන්හට අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් උන්වහන්සේ බරපතළ තුවාල ලබා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් පහරදීමට සම්බන්ධ සැකකරුවන් පිරිස කහටගස්දිගිලිය පොලිසියෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ගම්වැසියෝ පවසති.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පෙරේදා 28 දා එම ගම්වැසියන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අනුරාධපුරයට පැමිණ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට රැුස්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ විහාරස්ථාන දායක සභාවේ ලේකම් පී. විජයරත්න මහතා -

‘‘අපේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට පන්සලට යාබද නිවසේ පිරිසක් පහර දීලා. දැන් උන්වහන්සේ අනුරාධපුර රෝහලේ බරපතළ තත්ත්වයෙන් ප‍්‍රතිකාර ලබනවා. පසුගිය 26 දා සවස ස්වාමීන් වහන්සේ පන්සලේ එළවළු පැළවලට ගල් වළෙන් වතුර ඇදලා දානකොට තමයි මේ අය පහර දීලා තියෙන්නේ. හාමුදුරුවන්ගේ පාවහන් දෙක කඩා දාලා සිවුර ඉරලා ගස් බැඳලා තමයි පහර දීලා තියෙන්නේ. ඒ සද්දෙ ඇහිලා තමයි ගමේ අපි සියලූ දෙනා පන්සලට දිව ගියේ. ඒ මොහොත වෙන කොට හාමුදුරුවන් ලේ ගලන තුවාල සහිතව වැටී සිටියා. මේ පිරිස හාමුදුරුවන්ට ගල්වලින්, පොලූවලින් පහර දීලා තිබුණා. ඉන් පසුව ගමේ සියලූ දෙනාම එකතු වෙලා 1990 ගිලන් රථයකට කතා කරලා

කහටගස්දිගිලිය රෝහලට රැුගෙන ගියා. උන්වහන්සේගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැුගෙන ගියා.’’

‘‘පන්සලට යාබද නිවසේ කාන්තාවක් පන්සල් භූමියේ ඇති බට වගයක් හොරකම් කරලා තිබෙනවා. හාමුදුරුවෝ ඒ ගැන විමසීම තමයි මේ පහර දීමට හේතුව.

පසුගිය වසංගත කාලයේ ගමට සෙත් පතලා හාමුදුරුවෝ පිරිත් දැම්මා. එයට විරුද්ධවත් මේ පවුලේ අය හාමුදුරුවන් සමග කීප වතාවක් ආරවුල් ඇති කර ගත්තා. පිරිත් සද්දෙ වැඩියි කියලා.’’

‘‘27 දා සවස ගමේ දායකයෝ ටික එදා පන්සලට දිව්වේ නැත්නම් මේ වෙනකොට හාමුදුරුවෝ ජීවතුන් අතර නැහැ. මේ සිද්ධියට අදාළ කිසිම කෙනෙක්

කහටගස්දිගිලිය පොලිසිය අත්අඩංගුවට අරගෙන නැහැ. ඒකට හේතුව තමයි මේ පහරදීමට සම්බන්ධ අයගේ ඥාතීන් පොලිසියේ රාජකාරි කිරීම. කහටගස්දිගිලිය පොලිසියෙන් සාධාරණයක් වෙන්නේ නැති නිසා තමයි අපි අද උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කරන්න අනුරාධපුරයට පැමිණියේ. ගමේ දායක සභාවේ හැම පවුලක්ම නියෝජනය කරමින් එක් අයෙක් පැමිණ සිටිනවා. අපි කිලෝ මීටර් හතළිහකට වැඩි දුර ගෙවලා තමයි බස් රථයක් කුලියට අරගෙන මේ ආවේ සාධාරණයක් ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුවෙන්.’’

p3 2මෙම සිදුවීමට මුහුණ පෑ වහගහපුවැව, ශ‍්‍රී සුමංගලාරාමයේ විහාරාධිපති පහළ හල්මිල්ලෑව රතනසිරි හිමිපාණන් අදහස් දක්වමින් -

‘‘පසුගිය 27 වැනිදා සවස පන්සලට යාබද නිවසේ දෙදෙනෙක් ඇවිත් මට පොලූවලින් පහර දුන්නා. මේ සිදුවීමට හේතුව පන්සල් භූමියේ බට වගයක් යාබද නිවසේ කාන්තාවක් සොරකම් කර තිබුණා. ඇයි එහෙම කළේ කියලා විමසීම තමයි මේ පහරදීමට මුල් වුණේ. මේ සම්බන්ධයෙන් 119 ට කතා කළා. නමුත් පොලිසිය නීතිමය කටයුතු කළේ නැහැ. එයට හේතුව තමයි ඒ පහරදීමට සම්බන්ධ පවුලේ නෑදෑයෝ තුන් දෙනෙක් පොලිසියේ රාජකාරිය කිරීම.

‘‘මම පැළ වලට වතුර දානකොට තමයි දෙන්නෙක් ඇවිත් එක පාරටම පොලූවලින් පහර දුන්නේ. මම ඇයි කියල අහනකොට ඒ දෙන්නා කිව්වා තෝ වහාම මේ පන්සලෙන් යන්න ඕන කියලා. ඒ දෙන්නගේ නම තමයි නාමල් සහ අංජන. පස්සේ මම වතුර ගත්ත ගල්වළේ වතුරෙ මගේ ඔළුව ඔබාගෙනම හිටියා. මම හිතුවේ මම මැරෙයි කියලා. පහර දීලා මාව ඇදගෙන ගියා එයාලගේ වත්තට. ඊට පස්සේ පේමසිරි කියන අයයි එයාලගේ ළමයි ටිකයි පේ‍්‍රමලතා, හර්ෂනී කියන අය මට පහර දීලා නයිලෝන් කඹයකින් ගහක බැන්දා. පස්සේ නොතේරෙන පොඩි ළමයින්ට මගේ ඇඟට මුත‍්‍රා කරන්න කිව්වා. පස්සේ පෙට‍්‍රල් බූලියක් ගෙනාවා මට ගිනි තියන්න කියලා. එම ස්ථානයට පැමිණි දායක සභාවේ අයෙක් පන්සලේ ඝණ්ඨාරය ගහලා. ඊට පස්සෙ මුළු ගමම එකතු වුණා. ඊට පස්සේ මගේ ජීවිතේ බේරුණා. මගේ ජංගම දුරකථනයත් නැති වෙලා. අද මම ජීවත් වෙලා ඉන්නේ මේ ගමේ දායකයෝ නිසයි. පොලිසියෙන් කිසිම රැුකවරණයක් නෑ. පහර දීපු අයගේ අතේ තමයි කහටගස්දිගිලිය පොලිසිය තියෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අප උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ තමන් නිවාඩු ගොස් සිටින බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් ප‍්‍රකාශයක් ලබා ගන්නා ලෙසය.

මිහින්තලේ - රංග චතු

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles