Divaina - අවුරුදු දෙකහමාරේ සිඟිති දැරිය අපයෝජනය කළ ඥාතියා ලබන 06 දක්වා රිමාන්ඞ්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

rapeතලංගම, මුත්තෙට්ටුගල ප‍්‍රදේශයේ දී වයස අවුරුදු දෙකහමාරක සිඟිති දැරියක් අපයෝජනයට ලක්කළ බව කියන 34 හැවිරිදි ඥාති පුද්ගලයකු පෙරේදා (27 දා) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

එම දැරියගේ දෙමාපියන් කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසු අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු කුලී වැඩ කරන පුද්ගලයෙකි. අපයෝජනයට ලක්වූ බව කියන දැරිය වෛi පරීක්‍ෂණයක් සඳහා බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත. මෙම දැරිය නිතර එම නිවසට යන බවත්, සිද්ධිය වී ඇති දිනයේදී දැරිය සැකකරුගේ නිවසට ගොස් සිටියදී ඔහු දැරිය අපයෝජනයට ලක්කර ඇතැයි හෙළිවූ බවත්ි පොලිසිය පවසයි.

සැකකරු කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. මේ පිළිබඳව තලංගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී කා.උ.පො.ප. සුභාෂිනී මහත්මියගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ප‍්‍රියන්ත මද්දුමආරච්චි - මුල්ලේරියාව

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles