Divaina - බිරිඳ මරන්න හැදූ සැමියා මුහුදට පනී - දිවි බේරාගත් ජෝඩුව පොලිසියේ දී සමගි වෙති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p18 1සිය බිරිද සමග අමනාප වී මුහුදේ පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ තරුණයෙක්ගේ ජීවිතය බේරා ගැනීමට පානදුර වෙරළේ පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන් පිිරිසකට පෙරේදා (27 දා) හැකිවිය.

සිය සැමියා මුහුණු පොතෙන් තවත් තරුණියක් සමග අදහස් හුවමාරු කරගැනීම (චැට් කිරීම) දැන ගැනීමෙන් සිත් තැවුලට පත් බොරලැස්ගමුව නීලම්මහර පාරේ පදිංචි 24 හැවිරිදි බිරිඳක් සැමියා සමග අමනාප වී පානදුර ප‍්‍රදේශයේ පදිංචි ඇයගේ නිවසට පැමිණ ගැටලූව දැනුම් දී තිබේ.

ඔවුන් දෙදෙනා සමගි කරවීමට සාකච්ඡුා කිරීම ස`දහා තරුණ සැමියාට පානදුර වෙරළ තීරයට පැමිණෙන ලෙස දැනුම් දී යෙහෙළිය සමග අදාළ කාන්තාව ති‍්‍රරෝද රථයකින් පෙරේදා (27 දා) පානදුර වෙරළ තීරයට පැමිණ ඇත. ඒ අනුව තරුණ සැමියාද බොරලැස්ගමුවේ සිට ති‍්‍රරෝද රථයකින් මුහුදු වෙරළට පැමිණ ගැටලූව සාකච්ඡුා කරමින් සිට ඇත. එහිදී උරණ වූ තරුණ සැමියා එක්වරම අසල තිබූ වීදුරු බෝතලයක් ගෙන බි`ද සිය බිරි`දට පහරදීමට උත්සාහ දරා ඇති අතර එහිදී ති‍්‍රරෝද රථ රියැදුරන් විසින් ඔහු මෙල්ලකර බිරි`දගේ ජීවිතය බේරාගෙන තිබේ.

පසුව සිත් තැවුලට පත් ඔහු එක්වරම සියදිවි හානි කරගැනීමට මුහුදට පැන තිබේ. අසල සිටි පිරිස කෑකෝ ගසන ශබ්දය ඇසීමත් සමගින් ක්‍ෂණිකව කි‍්‍රයාත්මක වූ පොලිස් ජීවිතාරක්‍ෂක අංශ ස්ථානාධිපති උ.පො.ප. එම්. නිමල්සිරි ඇතුඵ නිලධාරීන් දැඩි පරිශ‍්‍රමයක් දරා සැකකරු ගොඩට රැුගෙනවිත් තිබේ.

පසුව අඹුසැමි යුවළ පානදුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති කා.පො.ප. කුමාරසිංහ මහත්මිය වෙත යොමු කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට පවුල් උපදේශන ලබාදී ඇති අතර එහිදී කරුණු අවබෝධ කරගත් අඹුසැමි යුවළ සතුටින් පිටව ගොස් තිබේ.

පානදුර වෙරළේ පොලිස් ජීවිතාරක්‍ෂක අංශයේ ස්ථානාධිපති උ.පො.ප. එම්. නිමල්සිරි සමගින් පො.සැ. (52630) සුමිත් සහ පො.කො. (69951) පුෂ්පකුමාර ජීවිතය බේරා ගැනීමට එක්වී තිබේ.

බණ්ඩාරගම - ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles