Divaina - තවදුරටත් බස්වල හිටගෙන යෑම තහනම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
 රට මුළුමනින්ම ලබන 08 වැනිදා (සඳුදා* සිට සාමාන්‍ය තත්ත්වයට පත්වුණත් පෞද්ගලික බස් රථවල මගීන් සිටගෙන රැුගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප‍්‍රසන්න සංජීව මහතා ‘දිවයින’ට ඊයේ (05 වැනිදා* පැවසීය.
 
 එලෙස මගීන් රැුගෙන යන බස්රථ සේවකයින්ට අවස්ථා තුනකදී අවවාද කරන බවත්, සිව් වැනි අවස්ථාවේදීත් එම වරද සිදු කළහොත් අදාළ බස් රථයේ මාර්ග බලපත‍්‍රය අත්හිටුවන බවත් හෙතෙම කීය.
 
 මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.
 
 ‘‘ මාස දෙකකටත් වැඩි කාලයක් තිස්සේ ගෙවල්වල හිරවෙලා හිටිය සාමාන්‍ය මගී ජනතාව බස්වල යන්න ඒවි. ඒ වුණාට ඒ අයට පෞද්ගලික බස්වල යන්න වෙන්නේ ආසන ගණනට පමණයි. ඉස්සර ගියා වගේ හිටගෙන හිරවෙලා යන්න බැහැ. තවමත් අපේ රට තුළ කොරෝනා අවදානම තියෙනවා. බස් රථ සේවකයින්වත් අපි දැනුවත් කරලයි තියෙන්නේ හිටගෙන මගීන් රැුගෙන යන්න බැහැ කියලා. අපි ජුනි 08 වැනිදා ඉඳලා දින තුනක් නිරීක්ෂණය කරනවා බස් රථවල මගීන් හිටගෙන අරන් යනවද කියලා. එහෙම මගීන් අරන් යනවා නම් අපි අවස්ථා තුනකදී බස්රථ සේවකයින්ව දැනුවත් කරනවා මේ විදිහට මගීන්ව අරන් යන්න එපා කියලා. නැවත හතර වැනි වතාවටත් ඒ බස්රථය අපේ මාර්ග පරීක්ෂකවරුන්ට අසුවුණොත් අනිවාර්යයෙන්ම බස් රථයේ මාර්ග බලපත‍්‍රය අත්හිටුවනවා.
 
 අනිත් එක තමයි අපි බස් කොන්දොස්තරවරුන්ට කියලා තියෙනවා කතා කරලා මගීන් බස්රථයට ගන්න එපා කියලා.
  

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles