Divaina - ගැබ්බර එළදෙනක පොහෝදින මස් කරන්න රැගෙන ගිහින්... එළදෙනට ඉතා අමානුෂික ලෙස පහර දීම නිසා ශරීරයේ තැන් තැන් වල තුවාල

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 බොරලන්ද සමන්ත කුමාර

 

eladena500
 
 පොසොන් පොහොය දා මස් පිණිස හොර රහසේ රැුගෙන යමින් සිටි ගැබ්බර එළදෙනෙකු සමග පුද්ගලයින් පස්
 
 දෙනෙකු (04 දා * වැලිමඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.
 
 හොර රහසේ අතුරු මාර්ග ඔස්සේ දින පහක් පමණ තිස්සේ මෙලෙස ගැබ්බර
 
 එළදෙන රැුගෙන යමින් සිට ඇති බවත් පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු
 
 කරන විට දින පහක් තිස්සේ ගැබ්බර එළදෙන ආහාර නොමැතිකමින් දැඩි ලෙස
 
 දුර්වලව සිටි බවත් පොලිසිය පවසයි. රහස් මාර්ග ඔස්සේ පොහොය දින මස් ලබා
 
 ගැනීමට වැලිමඩ ගුරුතලාව ප‍්‍රදේශයට මෙම ගැබ්බර එළදෙන රැුගෙන යන්නට
 
 ඇතැයි පොලිසිය සැක කරයි.
 
 මෙලෙස හොර රහසේ රැුගෙන යමින් සිටි ගැබ්බර එළදෙනට සැකකරුවන් විසින්
 
 ඉතා අමානුෂික ලෙස පහර දීම නිසා ගැබ්බර එළදෙනගේ ශරීරයේ තැන් තැන් වල
 
 තුවාල සිදුව ඇති බවත් දැකගන්නට හැකිය. අත්අඩංගුවට පත් සැකකරුවන් ඩයරබා
 
 සහ මිරහවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් මූලික පොලිස් විමර්ශනවලින්
 
 අනාවරණය වී තිබේ.
 
 බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන්.සී. අතුල ද සිල්වා මහතාගේ
 
 උපදෙස් පරිදි බණ්ඩාරවෙල කොට්ඨාස දිස්ත‍්‍රික් දෙක භාර සහකාර පොලිස් අධිකාරි
 
 වී.බී.එච්. කළණසිරි මහතාගේ අධීක්ෂණය යටතේ වැලිමඩ පොලිස් ස්ථානාධිපති
 
 ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් එම
 
 පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ:පො:ප: ගාමිණි විමලසේන,
 
 ,පො:සැ: 13790 නිමල් , පො:කො: 79751 අසංක, පො:කො: 73718 බණ්ඩාර ,
 
 පො:කො: 88817 ලක්මාල් යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කළ අතර
 
 වැඩිදුර විමර්ෂණ ද සිදු කරති.

  

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles