Divaina - අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු ගහලා ජනතාවට දුන් රු. 5000 යළි ගන්න ආණ්ඩුව සැරසෙනවා

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

guruge135 ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ස`දහා වැඩි දායකත්වයක් සලසන්නේ විදේශගත ශ‍්‍රමිකයන් බව කවුරුත් දන්නා කරුණකි. විදෙස් රටවල සිටින ඔවුන් දැන් කොරෝනා වසංගතය හමුවේ දැඩි අවදානමකට ලක්ව සිටිනවා. නමුත් රජය එම පිරිස් කෙරෙහි අවධානය යොමු නොකර සීෂෙල්ස් රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගත්තේ කවුරුන්ද ඒ කුමන හේතුවකටද යන්න රජය වහා රටට හෙළිදරව් කළ යුතුයැයි බියගම එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පෙරේදා (4 දින* පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවසීය.
 
 එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
 
 ලංකාවට ගෙන්වා ගෙන තිබෙන සීෂෙල්ස් ජාතිකයින් තිස් පස්දෙනා කවුරුද? ලංකාවට ගෙන්වා ගන්නා විට ඔවුන්ගේ රෝග තත්වය පරීක්ෂා කෙරුවාද? සීෂෙල්ස් ජාතිකයින් තිස් පස්දෙනා ලංකාවට අරගෙන ආවේ මොනවාද? තිස් පස් දෙනා නිරෝධායනයට යැව්වාද? ඔවුන් මොන රෝහලේද ප‍්‍රතිකාර ලබන්නේ. මේවා බරපතල ප‍්‍රශ්න. මොවුන් ලංකාවට ආවේ වෙනත් කිසියම් කාරණාවකටද යන සැකය අපට තිබෙනවා. සීෂෙල්ස් රාජ්‍යයේ ඇතැම් අයගේ මුදල් ස`ගවා ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා.
 
 කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ‍්‍රමිකයන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවට තොරතුරු තියෙනවා. විදෙස් ගත ශ‍්‍රමිකයින් බරපතල අවදානමකට ලක්ව ඇති අවස්ථාවකදී ඔවුන් ගැන සොයා බලන්නේ නැතිව සීෂෙල්ස් රාජ්‍යයේ සිටි තිස් පස් දෙනාට විශේෂ ආගන්තුක සත්කාර ලබා දෙන්න රජය කටයුතු කළේ ඇයි.
 
 මේ රජය සාමාන්‍ය ජන ජීවිතය ගැන හිතන්නේ නැහැ . බඩු මිල අහස උසට ඉහළ යනවා. බදු බර ඉහළ යනවා. ඒකත් එක්ක ජනතාවට ජීවත් වෙන්න බැරිවෙලා. ආදායම් අහිමිවූ අයට රුපියල් පන්දාහක් දීලා අනෙක් පැත්තෙන් බදු පනවලා, දුන් මුදල් යළි එකතු කරගන්න තමයි ආණ්ඩුව හදන්නේ. බදු පැනවීම හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනවා. බිලියන ගණන් වියදම් කරලා ක‍්‍රීඩා පිටි හදන්න යනවා. මේක කිසිම පරිපාලන දැනුමක් නැති ඇමතිවරු පිරිසක් ඉන්න රජයක්. හි`ගා කාලා ක‍්‍රීඩා පිටි හදන්න හදනවා. නමුත් ඒ ඇමතිවරයා දන්නේ නැහැ ලංකාවේ පරිප්පු හදන්නේ නෑ. සුදුළුෑනු හදන්නේ නෑ කියා. ඇපල් වැවෙන්නේ නෑ. ලංකාවේ නිෂ්පාදනය නොකරන දේවලට තමයි මේ බදු ගහලා තියෙන්නේ. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ නොහැකියාව තමයි මේ.
 
 කොරෝනා වසංගතය වසන් කරමින් මිලියන විසි දෙකක ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන නොසිතා ජනතාව නොමග යවා දැන් මැතිවරණයකට යන්න හදනවා. මේ වෙන මොනවටවත් නෙවෙයි සහෝදර පරපුර පෝෂණය කරන්න. රාජපක්ෂවරුන්ට අවශ්‍ය මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මළක`දන් උඩින් ගිහින් හරි බලය ලබා ගන්නයි.
  

  

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles