Divaina - ගාල්ලේ ග‍්‍රීස් යකා සොයා මෙහෙයුමක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p13 2ගාල්ල දිස්ත‍්‍රික්කයේ නෙළුව ප‍්‍රදේශයේ රාත‍්‍රියේ සැරිසරණ බව කියන නිරුවත් පුද්ගලයෙක් (ග‍්‍රීස් යකා* සොයා ගැනීම සඳහා පොලිස් මෙහෙයුමක් නෙළුව හා හිනිදුම පොලිස් බල ප‍්‍රදේශයන්හි සිදු කෙරුණි. මේ සඳහා නෙළුව, හිනිදුම, තවලම, උඩුගම සහ වඳුරඹ පොලිස් ස්ථාන වලට අයත් පොලිස් නිලධාරී කණ්ඩායම් කිහිපයක්ම සැක කටයුතු ප‍්‍රදේශ සෝදිසි කිරීම් දියත් කළ බව නෙළුව පොලීසිය කියයි.

සති දෙකක පමණ කාලයක සිට නෙළුව සහ හිනිදුම පොලිස් බල ප‍්‍රදේශවල නිවෙස් වලට නිරුවත් පුද්ගලයින් රාත‍්‍රී කාලයේ ඇතුළු වී නිවැසියන් බිය ගන්වන බවට නෙළුව හා හිනිදුම පොලිස් ස්ථාන වෙත පැමිණිලි රාශියක් ලැබී තිබුණි. පැමිණිලි දිනෙන් දින ඉහල යෑම හේතුවෙන් එම පොලිස් බල ප‍්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීමකට අනුව සහකාර පොලිස් අධිකාරී සිසිල කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සෝදිසි කිරීම දියත් කර තිබේ.

නෙළුව, හිනිදුම, උඩුගම, නාගොඩ, යක්කලමුල්ල සහ වඳුරඹ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරී කණ්ඩායම් ග‍්‍රීස් යකුන් සිටින බව කියන ප‍්‍රදේශවල ජනතාවද සමග මෙම සෝදිසි කිරීම් වලට

සහභාගි විය. මේ සඳහා ගම්වාසීන් විශාල පිරිසක් සහභාගී වූ බවත් රාත‍්‍රී කාලයේ මෙසේ සැරිසරන්නන්ගෙන් විවිධ පීඩා සිදුවන බවත් එයින් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවන බවත් ගම්වාසීන් ප‍්‍රකාශ කළේ යැයි නෙළුව පොලිසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය. නිරුවත් සැරිසරන්නන් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් නෙළුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක යූ. අරුලානන්දම් මහතා වෙත 071-8591470 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඒ මහතා ඉල්ලා සිටී.

ග‍්‍රීස් යකුන් සොයන සෝදිසි මෙහෙයුම ආරම්භ කිරීම සඳහා උපදෙස් දෙන අවස්ථාව සඳහා සෝදිසි මෙහෙයුමේ විවිධ අවස්ථාවන් ඉහත ඡුායාරූපවල දැක්වේ.

අනුර යසමිත් - බළපිටිය

p13 3
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles