Divaina - කොරෝනා වසංගතය නිසා බියට පත් පියා සහ දියණියක ඉන්දියාවේ සිට තලෙයිමන්නාරමට ඵති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

කොරෝනා වසංගතය නිසා බියට පත් පියකු හා දියණියක් ඉන්දියාවේ සරණාගත කඳවුරක් අතහැර බෝට්ටුවක් මගින් තලෙයිමන්නාරමට පැමිණ 2 දා මන්නාරම මඩු පොලිසිය වෙත භාර වී තිබේ.

ඉන්දියාවේ කොරෝනා වසංගතය ඉතා ශීඝ‍්‍රයෙන් පැතිර යෑම නිසා බියට පත් පියා ඉන්දියාවේ තමිල්නාඩුවේ සරණාගත කඳවුර අතහැර බෝට්ටුවක ආධාරයෙන් පැමිණි වයස අවුරුදු 33 ක් වන පියා හා අවුරුදු 8 ක් වන දියණිය මන්නාරම මඩු පොලිස් ස්ථානය වෙත භාරවීමෙන් පසුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යවා තිබේ.

මන්නාරම මඩු පණ්ඩිවිරිච්චාන් ප‍්‍රදේශයේ පදිංචිව සිටි මෙම පියා 1990 වසරේදී ඉන්දියාවට යන විට වයස අවුරුදු දෙකහමාරක දරුවකුව සිටි අතර ඔහු ඉන්දියාවේදී විවාහ වීමෙන් පසුව ඔහුට දරුවන් දෙදෙනකු වෙයි.

දියණිය හා බිරිඳ පසුව මඩු ප‍්‍රදේශයට රැුගෙන ඒමේ චේතනාවෙන් යුතුව ඔහු වැඩිමල් දියණිය පමණක් රැුගෙන තලෙයිමන්නාරමට පැමිණ ඇත.

නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසුව මේ දෙදෙනාට එරෙහිව ආගමන විගමන නීති රීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට මඩු පොලිසිය බලාපොරොත්තු වෙයි.

දිනසේන රතුගමගේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles