Divaina - දේශීය ඖෂධ යොදා නිෂ්පාදිත කසිප්පු ස්ප‍්‍රිතු වලට වැඩි ඉල්ලුමක් හොඳ මිලක්... කොත්තමල්ලි හා දේශීය ඖෂධ දමා කසිප්පු පෙරලා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 මත්තල - දිලීප් එන්. ජයසේකර
 
 kasipp222වීරකැටිය පොලිස් වසමේ අත්තනයාල, ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේ කැලයක කොත්තමල්ලි ඇතුළු විවිධ දේශීය ඖෂධ භාවිතා කරමින් කිසිප්පු පෙරූ සැකකරුවකු ගෝඩා හා කසිප්පු ස්ප‍්‍රිතු සමග මාතර හම්බන්තොට දිසා වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (02 දා* දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය, අත්තනයාල, ඉඹුල්ගොඩ, ලූණුගහකොරටුව පදිංචි 37 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
 
 සැකකරු නිවස ආසන්නයේ පිහිටි කුඩා කැලෑ කොටසක මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබේ. සැකකරු කසිප්පු පෙරීමට යොදා ගන්නා ගෝඩා සකස් කර ඇත්තේ කොත්තමල්ලි ඇතුළු විවිධ දේශීය ඖෂධ භාවිතා කරමිනි. දේශීය ඖෂධ භාවිතා කරමින් නිශ්පාදනය කරන කසිප්පු ස්ප‍්‍රිතු සඳහා වැඩි ඉල්ලූමක් හා හොඳ මිලක් පවතින බව අනාවරණය වී තිබේ.
 
 ඒ අනුව සැකකරු මෙලෙස කිසිදු ප‍්‍රමිතියකින් තොරව දේශීය ඖෂධ වර්ග භාවිතා කරමින් කසිප්පු පෙරමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ. වැටලීම සිදු කල ස්ථානයේ තිබී ගෝඩා මිලි ලීටර් එක්ලක්ෂ පනස් දහසක්, කසිප්පු ස්ප‍්‍රිතු මිලි ලීටර් තුන්දහස් හත්සිය පනහක් හා කසිප්පු පෙරීමට යොදා ගත් උපකරණ
 
 රැුසක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිසියට බාර දී තිබේ.
 
 මාතර හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඞී. ජගත් පලිහක්කාර මහතාගේ උපදෙස් පරිදි මාතර හම්බන්තොට දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුමාර දඩල්ලගේ, උප පොලිස් පරික්ෂක ජගත්, පොලිස් සැරයන්වරුන් වන (34628* එදිරිසිංහ, (45898* නන්දසේන, (37208* දිසානායක පොලිස් කොස්තාපල්වරුන් වන (68144* සම්පත්, 40458* දිසානායක, (91137* ජයසිංහ හා (12749* සාගර යන නිලධාරීන් එක්ව වැටලීම සිදුකර තිබේ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles