Divaina - වැලිකන්ද කොරෝනා මධ්‍යස්ථානය රෝගීන්ගෙන් පිරිලා.. අලූතින් එන රෝගීන්ට වෙනත් රෝහලක් ඇරැඹිය යුතුයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 කරුණාරත්න ගමගේ
 
walikanda135පොලොන්නරුව, වැලිකන්ද ප‍්‍රදේශයේ පිහිටුවා තිබෙන කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප‍්‍රතිකාර ලබාදිය හැකි උපරිම ධාරිතාවය තෙක් මේ වනවිට කොරෝනා රෝගීන්  ඇතුළත් කර සිටින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
 
 කොරෝනා වයිරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් තවදුරටත් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවුවහොත් ඔවුන් සඳහා වෙනත් රෝහලක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇතැයි පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි. නොඑසේ නම් එම රෝගීන් පහසුකම් තිබෙන වෙනත් රෝහලකට මාරුකර යැවිය යුතු යැයිද ඒ මහතා පැවසීය. වැලිකන්ද කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ පෙරේදා (31 දා* වනවිට රෝගීහු 90 ක් ප‍්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය. මේ අතර වැලිකන්ද ප‍්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවලින් පෙරේදා දිනයේද කොරෝනා ආසාදිතයන් හමුවූ බවද සෞඛ්‍ය අංශ සඳහන් කරති.
 
 මෙම රෝගීන් කිසිවෙකුත් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් නොවන බවද ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා තහවුරු කළේය.
  

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles