Divaina - ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු දෙදෙනෙක්, හිමිනමක් ඇතුළු වස්ගමුව ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුල්වූ විසිඅටදෙනාට හාරලක්‍ෂ විසිදහසක් දඩ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 කරුණාරත්න ගමගේ, හිඟුරක්ගොඩ අතුල සූරියබණ්ඩාර
 
was බලපත‍්‍රයක් නොමැතිව වස්ගමුව ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුල්වී එහි රැඳී සිටි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු දෙදෙනෙක්, හිමිනමක් ඇතුළු වග උත්තරකරුවෝ 28 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන් අදාල චෝදනාවලට වරද පිළිගනු ලැබීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් රුපියල් 4,20,000ක දඩ මුදලක් ගෙවන ලෙසට පොලොන්නරුව මහෙස්ත‍්‍රාත් අසේලද සිල්වා මහතා ඊයේ (28 දා* නියෝග කළේය.
 
 මෙසේ දඩ නියම වූයේ දෙහිඅත්තකණ්ඩිය සහ දිඹුලාගල ප‍්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත‍්‍රීවරු දෙදෙනෙකු සහ දෙහිඅත්තකණ්ඩිය, නුවරගල ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වසන හිමිනමක් ඇතුළු වග උත්තරකරුවෝ 28 දෙනෙකුටය.
 
 සැකකරුවන් ජාතික වනෝද්‍යානය තුළට නීති විරෝධී ලෙස ඇතුල්වී ඇත්තේ දිවයින පුරාම ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වෙමින් පැවැති දිනයෙක ඇඳිරි නීතිය සහ නිරෝධායන නීතිද උල්ලංඝණය කරමින් බව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් වනජීවී නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.
 
 වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වනසත්ව අඩවි ආරක්‍ෂක නිලධාරී ජී. එම්. චින්තක බණ්ඩාර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයැවීය.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles