Divaina - රු. පන්දහසේ දීමනාව නුදුන්නැයි පෙට්ටි කඩ ව්‍යාපාරිකයා වහළකට නගී.. සල්ලිකාර හැමෝටම දුන්නත් අපට දුන්නේ නෑ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 අරලගංවිල - රොෂාන් තුෂාර තෙන්නකෝන්
 
fivehundred135දුක් මහන්සි වී වැඩකරන මිනිසුන්ට රුපියල් පන්දාහේ දීමනාව නොලැබීමට විරෝධය පළ කර පොලොන්නරුව, දිඹුලාගල දෙවන පියවර පදිංචි පෙට්ටි කඩ ව්‍යාපාරිකයකු නිල සෙවණ කාර්යාලයේ වහළය මත නැගී පැය පහකට ආසන්න කාලයක් ඊයේ (28 දා* විරෝධතාවක යෙදුනේය.
 
 උපවාසකරු වූයේ දිඹුලාගල, දෙවන පියවර, අංක 19 හි පදිංචිව සිටි එච්. එම්. රඹුක්වැල්ල (42* නම් දෙදරු පියෙකි. හෙතෙම පවසන්නේ තමන්ට රුපියල් 5000 දීමනාව ලබා නොදීමට කිසිම හේතුවක් නැති බවත් සල්ලි ඇති අයට රුපියල් 5000 ලබා දී තමන් වැඩි අසරණයින් 40 කට පමණ මෙම අසාධාරණය සිදු කර ඇති බවත්ය.
 
 සල්ලිකාර සියලූ දෙනාටම දුන්නා. නැති බැරි අපට තමයි මේක නොදුන්නේ. අපි වාගෙ අසරණ දුක් මහන්සියෙන් කීයක් හරි හම්බකරන අපට තමයි දුන්නෙ නැත්තේ. රුපියල් 5000 පළවෙනි වටයේ දුන්නෙත් නෑ. හැබැයි සල්ලිකාරයන්ට දුන්න. කුඹුරක් කරනවා පොඩි කඩයක් කරගෙන ගියා ඒක පහුගිය කාලෙම වහලා තිබුණේ. ලොකු ලොකු කඩකාරයන් ට දුන්නා. මං පොඩි කඩයක් කරනවා කියලා මට දුන්නේ නෑ. මං පොඩි හෝටලයක් කරන්නේ. කුඹුරක් කරනවා අක්කර එක හමාරක. කුඹුරට කීඩෑහානිවලට දාලා දෙන්නම් කියනවා. මට කීඩෑහානි එපා. සාධාරණයක් තියෙනවානේ. අනිත් ව්‍යාපාරික අයට දුන්න විදිහට තමයි මටත් ඕන. මං පැය හතර හමාරක් වහළයට නැගලා විරෝධතාවක නියැලූනා. මේක කරලා දෙන්නම් කියන පොරොන්දුව මත තමයි මම බැස්සේ. මට සාධාරණත්වය ඉෂ්ඨ වුණේ නැත්නම් ආයේ ලයිට් කණුවක හරි නැගලා විරෝධය පළ කරනවා.
 
 පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles