Divaina - ආදර්ශමත් කාන්තා චරිතය ලෙස විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා නම් කෙරේ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

vidulibala222එක්සත් ජනපදයේ බලශක්ති සංගමය හා USEA, USAID විසින් බලශක්ති ක්ෂේත‍්‍රයට ආදර්ශමත් කාන්තා නායකත්වයක් ලබාදෙන චරිතය ලෙස මැයි මාසය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇගයීමට ලක්කර ඇත.
 
 එක්සත් ජනපදයේ බලශක්ති සංගමය  USEA හා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ සංගමය USAID විසින් මාසිකව ලෝකයේ විවිධ තරාතිරම්වල සිට බලශක්ති වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කරන නිලධාරින් හා සමාජ කි‍්‍රයාකාරි කාන්තා චරිත එක් එක් මාසවලදී ඇගයීමට ලක් කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරයි. මෙම වැඩපිළිවෙළ හඳුන්වා දෙනු ලැබ තිබෙන්නේ ‘‘බලශක්තිය තුළ කාන්තාවෝ’’ යන නමිනි.
 
 පසුගිය වසරේ ඉන්දියාවේ පැවති බලශක්තිය පිළිබඳ අන්තර්ජාතික වැඩමුළුවකදී ශ‍්‍රී ලංකාවේ බලශක්ති කි‍්‍රයාවලිය සම්බන්ධව වසන්තා පෙරේරා මහත්මිය විසින් ඉදිරිපත් කළ වාර්තාව හා ඇය විසින් සාකච්ඡුා වටයේදී සිදුකළ පැහැදිලි කිරීම් එම සමුළුවේ ඇගයීමට ලක්විය.
 
 ඒ අනුව ශ‍්‍රී ලංකාවට ගෞරවයක් ලබා දෙමින් එම ආයතන දෙක විසින් 2020 මැයි මාසය තුළ ආදර්ශමත් නායකත්වයක් ලබාදෙන කාන්තා චරිතය වශයෙන් තෝරා ගෙන තිබෙන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියයි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles