Divaina - විශ‍්‍රාමික බන්ධනාගාර නිලධාරියා ගිනි අවියක් සමග දැලේ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 චමින්ද සිල්වා

bandnaga333
 
 විදේශීය රටක නිෂ්පාදිත ස්වයංක‍්‍රීය පිස්තෝලයක් සහ එයට යොදන උණ්ඩ 04 ක්ද සමග අත්තිඩිය ප‍්‍රදේශයේ දී පුද්ගලයකු ගල්කිස්ස විශේෂ අපරාධ නිවාරණ යතුරුපැදි ඒකකයේ නිලධාරින් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.
 
 සැකකරු අත්තිඩිය බෝ සෙවණ මාවතේ පදිංචි වයස අවුරුදු 69 ක විශ‍්‍රාමික බන්ධනාගාර නිලධාරියකු බව පොලිසිය පැවසීය.
 
 ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පො.ප. දිලීප සී. පෙරේරා මහතා වෙත ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කිරීමේදී එහි නාන කාමරයක් තුළ ඉතා සූක්‍ෂම ලෙස සඟවා තිබූ නීති විරෝධී පිස්තෝලය සහ උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.
 
 ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පේ‍්‍රමරත්න මහතාගේ අධීක්ෂණයෙන් මූලස්ථාන ප‍්‍රධාන පො.ප. දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස විශේෂ අපරාධ නිවාරණ යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප. අසේල ප‍්‍රසාද් සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ. (27347* ජනක, පො.කො. (86040* බස්නායක, (92998* මධුර, පො.කො. රි. (16998* නුවන් යන නිලධාරීන් විසින් සිදු කරගෙන යනු ලබයි.
  

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles