Divaina - පොලිසිය ඇන්දූ කාන්තාව නිදැල්ලේ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p7 5රන් භාණ්ඩ සොරා ගැනීමට තවත් පුද්ගලයකුට සහාය දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණ කාන්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගෙන යෑමට සූදානම්ව සිටියදී පෙරේදා (27 දා* පොලිසිය ඉදිරිපිටදීම පලාගොස් ඇති බව ජාඇල පොලිසියෙන් වාර්තා වේ.

මෙම කාන්තාව තමාට ඇවිදීමට අපහසුතාවක් ඇති බව පොලිසියට ඒත්තු ගන්වා ඇත. සැකකාරිය ඇය සමග සිටි පොලිස් නිලධාරිනිය මඟහැර ඒ මොහොතේ ඉතා ජනාකීර්ණව තිබූ ජාඇල පොලිසිය ඉදිරිපිට පවත්වා ගෙන යන ජාඇල පොදු වෙළෙඳ පොළට ඇතුල් වී ඒ මාර්ගයෙන් පැනගොස් ඇති බව දැනගන්නට ඇත.

සැකකාරිය ජාඇල ප‍්‍රදේශයේ ස්වර්ණාභරන වෙළෙඳ සැලකට තවත් පුද්ගලයකු සමග පැමිණ ඇති අතර ඇය රන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා භාණ්ඩ තෝරන මුවාවෙන් සිට ඇති අතර ඇය සමග පැමිණි පුද්ගලයා එතැනින් භාණ්ඩ කීපයක් රැුගෙන කාටත් නොදැැනී පලාගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. සැකකාරිය විසින් පොලිසියට ලබා දී තිබූ ඇගේ පදිංචි ලිපිනයන්ද ව්‍යාජ ඒවා බව හෙළිවී ඇත.

ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර තිබ්බුටුමුල්ලගේ මෙහෙයවීම මත පොලිස් භාරයෙන් පැනගිය සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට ඇත.

බී. ටී. කේ. - ජාඇල අතිරේක

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles