Divaina - රජය විසින් සියලූ‍ම ණය වාරික නියමිත කාලයට ගෙවනවා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 ඉදිරියේ දී සිදු කිරීමට නියමිත සියලූ‍ම රජයේ ණය වාරික සහ පොළී ගෙවීම් ( ණය සේවාකරණ ගෙවීම්* නියමිත කාලයට සිදු කරනු ලබන බව රජය පවසයි. මේ බව සියලූ‍ පාර්ශ්වකරුවන් වෙත නැවත නැවතත් අවධාරණය කරනු ලබන බව ද රජය කියා සිටී.
 
 මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙසේ ද කියයි.
 
 තම ණය සේවාකරණ ගෙවීම් සිදු කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට ඇති හැකියාව සම්බන්ධයෙන් මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ප‍්‍රශ්න කරමින් විවිධ අනුමානයන් ඉදිරිපත් කර ඇති බව රජයට පෙනී ගොස් ඇත. ශ‍්‍රී ලංකාව ස්වෛරී ණය අර්බුදයකට පත් වීමේ අවදානමක් ඇති බව ඇඟවීම සඳහා එවැනි තත්ත්වයන්ට පත් ව ඇතැයි පැවසෙන වෙනත් ස්වෛරී රාජ්‍යයන් සමඟ සංසන්දනය කරමින් සමහර මාධ්‍යයන් විසින් සිදු කරනු ලබන අනුමානයන් පිළිබඳ ව රජය සිය අප‍්‍රසාදය පළ කරනු ලබයි. ශ‍්‍රී ලංකා රජය විසින් මෙවැනි පදනම් විරහිත ප‍්‍රකාශයන් තරයේ ප‍්‍රතික්ෂේප කරනු ලබන අතර, ඉදිරියේ දී සිදු කිරීමට නියමිත සියලූ‍ ම ණය සේවාකරණ ගෙවීම් නියමිත කාලයට සිදු කරනු ලබන බවට සියලූ‍ පාර්ශ්වකරුවන් වෙත නැවත නැවතත් අවධාරණය කරනු ලැබේ.
 
 ශ‍්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ඵලදා අනුපාතිකයන්හි සිදු වූ මෑත කාලීන විචලනයන්, කොවිඞ්-19 වසංගත කාල සීමාව තුළ නැගී එන සහ ප‍්‍රමුඛ වෙළෙඳපොළ ආර්ථික බහුතරයක් තුළ දක්නට ලැබෙන තත්ත්වයන්ට වඩා වෙනස් නො වේ. එවැනි විචලන තත්ත්වයක් යටතේ වුව ද, ගෝලීය ආයතනික ආයෝජකයින්, අරමුදල් කළමනාකරුවන් සහ විශ්ලේෂකයින් විසින් ශ‍්‍රී ලංකාවේ ණය කළඹේ ගුණාත්මකභාවය පිළිබඳ ඉහළ විශ්වාසයකින් ආයෝජන සඳහා ශ‍්‍රී ලංකා ණය උපකරණ නිර්දේශ කිරීම සැලකිය යුතු කරුණකි.
 
 මහ මැතිවරණය පැවැත්වීම සහ රාජ්‍ය අයවැය ඉදිරිපත් කිරීම අනපේක්ෂිත ලෙස කල් දැමීමට සිදු වීම, අවිනිශ්චිත ප‍්‍රතිපත්තිමය සැලසුමක් හෝ ක‍්‍රියා පටිපාටිමය අත්හිටුවීමක් ලෙස කිසිදු විටක නො සැලකිය යුතු බවත්, එම ක‍්‍රියාමාර්ග කෝවිඞ් -19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අනුගමනය කරනු ලැබූ සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ප‍්‍රතිචාරයන්හි ප‍්‍රතිඵලයක් බවත් රජය විසින් පැහැදිලි කරනු ලබයි. තව ද, රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව වාර්ෂික අයවැයක් සම්මත කර නොමැති අවස්ථාවක දී මහ මැතිවරණයකින් පසු නව පාර්ලිමේන්තුව කැඳවා මාස තුනක කාලයක් දක්වා රාජ්‍ය මෙහෙයුම් කටයුතු සඳහා අනුමැතිය ලබා දීමට අතිගරු ජනාධිපතිවරයාට බලය ඇත. මේ අනුව, රාජ්‍ය මෙහෙයුම් කිසිදු බාධාවකින් තොර ව ක‍්‍රියාත්මක වන අතර, මහ මැතිවරණය පවත්වනු ලබන දිනය හා සම්බන්ධ අවිනිශ්චිතතා ශේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳ ව ලබා දීමට නියමිත තීන්දුවෙන් පසු ව පහ ව යනු ඇත. මීට සමගාමී ව, වියදම් අඩුකිරීම සඳහා රජය විසින් දැනටමත් පියවර ගෙන ඇති අතර, රජයේ අයවැය ඉදිරිපත් කිරීම ප‍්‍රමාද වීම නිසා මෙම වසරේ අමතර වියදම් සඳහා ඇති අවකාශය නිතැතින් ම සීමා වනු ඇත. තව ද, මෙම වසරේ මේ දක්වා කාලය තුළ දී දේශීය හා විදේශීය ප‍්‍රභවයන්ට අදාළ රජයේ මූල්‍යන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මූල්‍යනය නියමයන් හා කොන්දේසි ඵලදායී ලෙස වැඩි දියුණු කිරීම සඳහා පූර්වෝපායී ක‍්‍රියාමාර්ග ලෙස වෙළෙඳපොළ පදනම් කර ගත් විවිධ මූල්‍ය ප‍්‍රභවයන්ගෙන් සහ නිල මූල්‍ය ප‍්‍රභවයන්ගෙන් අරමුදල් රැුස් කර ගැනීමට රජය විසින් පියවර ගන්නා ලදී. ලොව පුරා පවතින අස්ථාවර වෙළෙඳපොළ තත්ත්ව යටතේ රජය විසින් මෑත
 
 කාලීනව ජාත්‍යන්තර බැඳුම්කරයක් නිකුත් කිරීමට අපේක්ෂා නො කරන බැවින් ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළේ පවත්නා ඵලදායිතා අනුපාතිකයන්හි බලපෑම අදාළ නො වනු ඇත. ණය කළමනාකරණයෙහි අවදානම සහ පිරිවැය මත ප‍්‍රතිලාභ ලබා ගැනීම සඳහා ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික මූල්‍යන මූලාශ‍්‍ර පිළිබඳ ව අවධානය යොමු කරනු ලබන අතර, මේ සඳහා සාකච්ඡුා සිදු කෙරෙමින් පවතී. තව ද, ශ‍්‍රී ලංකාව අනෙකුත් කලාපීය මහ බැංකු සමඟ හුවමාරු ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරමින් සිටින අතර, තෝරා ගත් විදේශීය මූලාශ‍්‍රයන්ගෙන් ඒකාබද්ධ ණය ලබා ගැනීමට ද කටයුතු සූදානම් ‌කෙරෙමින් පවතී. ශ‍්‍රී ලංකාවේ අපනයන හා සංචාරක අංශ කඩිනමින් යථා තත්ත්වයට පත් වීමට සූදානම් වෙමින් සිටින අතර, එමගින් විදේශීය අංශයට ඇති පීඩනය ලිහිල් ‌කෙරෙමින් ආර්ථික ක‍්‍රියාකාරකම් වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීමට සහය වනු ඇත. 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles