Divaina - අත්අඩංගුවේ සිටින පියා මුදා හරින්නැයි මාරවිල පොලිසියේ බීමතින් යකා නැටූ යුද හමුදා සාජන්මේජර් හා සෙබළා රිමාන්ඞ්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

විදුලි පංකාවක් හා ජල පෙරනයකුත් කඩා දමලා
 
 මහවැව අමරනන්ද විජේසේකර
 
 piya222පහරදීමක් සම්බන්ධව මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තම පියා ඇප මත මුදා හරින ලෙස බලකරමින් බීමතින් කලහකාරී ලෙස හැසිරී පොලිසියේ භාණ්ඩවලට අලාභහානි කළ යුද හමුදාවේ සේවය කළ සෙබළෙකු හා සාජන් මේජර්වරයෙකු මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට මාරවිල දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා ඊයේ (22 වැනිදා* නියෝග කළේය.
 
 මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ වව්නියාව බූවැව ඉංජිනේරු බලකායේ සේවයේ නියුතු යුද හමුදා සෙබළෙකු හා කිලිනොච්චි හත්වන පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු සැරයන් මේජර්වරයෙකුය. මෙම සැකකරුවන් දෙදෙනා නාත්තන්ඩිය මයිලාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
 මොවුන් දෙදෙනා පෙරේදා රාත‍්‍රී 8 ට පමණ මාරවිල පොලිසියට පැමිණ රාත‍්‍රී සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ට බැණ වැදී කලහකාරී ලෙස හැසිරී පොලිස් ස්ථානයේ තිබූ විදුලි පංකාවකට හා මහජනයාට අවශ්‍ය පානීය ජලය ලබාගැනීමට සවිකර තිබූ ජල පෙරණයකටද අලාභහානි සිදුකර ඇති බව මාරවිල පොලිසිය පවසයි.
 
 මාරවිල මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික විජේසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුදේශ්, උප පොලිස් පරීක්ෂක ආනන්ද, පොලිස් කොස්තාපල්වරුන් වන 138 සරත්චන්ද්‍ර, 31799 ගේ‍්‍රෂන් යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් වැඩිදුර පරීක්ෂක සිදුකෙරේ.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles