Divaina - අතරමැදියන්ගේ ලාභය ගැන නොසිතා ජනතාවට සහන සැලසෙන ලෙස ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කරන්න

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ලසිත දුමින්ද
 
godb10 අතරමැදියන් කිහිප දෙනකුගේ ලාභය ගැන නොසිතා ජනතාවට සහන සැලසෙන පරිදි ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කරන ලෙසට ජනාධිපති
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
 කිසිදු ලෙසකින්වත් ඖෂධ හිඟයකට ඉඩ නොතබා ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක‍්‍රමයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
 
 එසේම පෙර වසරේ ඉල්ලූම් රටාව අධ්‍යයනය කොට ඊළග වසරේ ඖෂධ අවශ්‍යතාව තීරණය කළ යුතු බවත්, අතරමැදියන් කිහිප දෙනකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශ්වයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළයුතු බවත් ජනාධිපතිවරයා රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපතිවරු සමග 21 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවකදී පැවසීය.
 
 සියලූම ඖෂධ ඉහළම ප‍්‍රමිතියෙන් තිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ගුණාත්මක අගයෙන් බාල ඖෂධ නිෂ්පාදනයට හෝ ආනයනයට හෝ ඉඩ නොතබන ලෙසට ද නිලධාරීන්ට උපදෙස් දෙමින් සඳහන් කළේය.
 
 හිඟයක් ඇතිවීම වළක්වනු පිණිස ආරක්ෂිත තොග පවත්වා ගැනීමේ අවශ්‍ය බවත්, ඖෂධ කල් ඉකුත්වීමේ දින ගණනය කොට ඇණවුම් කළ යුතු බවත් ප‍්‍රකාශ කළේය.
 
 සේවක අර්ථ සාධක අරමුදල සහ සමෘද්ධි ව්‍යාපාරය සතු මුදල් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයෙහි ආයෝජනය කිරීම තුළින් එම අරමුදල් දෙකටම ස්ථීර ආදායමක් විවෘත වනු ඇති බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය.
 
 මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ යන මහත්වරු ඇතුළු භාණ්ඩාගාර නියෝජිතයෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.
  

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles