Divaina - කොළඹ මහ නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය අංශය ඡනතාවගේ ප‍්‍රතිශක්තිකරණට පේයාවක් නොමිලේ දෙයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
 roosi135කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය ඇතුළු සියලූ‍ම බෝවන රෝගවලට ඔරොත්තු දෙන පරිදි තමන්ගේ ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය වැඩිකිරීම උදෙසා වන පේයාවක් සහ පවුඩරයක් කොළඹ මහ නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය අංශය මගින් නොමිලේ ජනතාව අතරේ බෙදාදීමට පියවර ගෙන තිබේ.
 
 කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි නාගරික කොමසාරිස් නීතින්‍ය රෝෂිණී දිසානායක මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙය හඳුන්වා දෙනු ලැබූයේ ලොව බොහෝ රටවල දැනටමත් වේගයෙන් පැතිරයන කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට ශ‍්‍රී ලංකාව තුළ බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කරඇති නිසාවෙනි. කොළඹ මහ නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය අංශය මගින් මෙම පවුඩර් එක රසකිඳ,, ඉරිවේරිය, වෙනිවැල්ගැට, කුරුඳු පොතු, පෙරුම්කායම් ඇතුළු දේශීය ඔෘෂධ රැුසක් මිශ‍්‍රකර සකස් කර ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් නීතින්‍ය රෝෂිණී දිසානායක මහත්මිය ”‍දිවයින”‍ට පැවසුවාය.
 
 මෙය ග‍්‍රෑම් 50 ක පැකට්ටුවක් ලෙසින් ජනතාව අතට නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇතැයි ද ඇය සඳහන් කළාය. දැනටමත් මෙම පේයාව කිලෝ හත්සියකට අධික ප‍්‍රමාණයක් කොළඹ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට, වතු ආශ‍්‍රිත නිවාස වලට,මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන්ට,තවත් බොහෝ පිරිසකට මෙම පේයාව ලබාදීමට කටයුතු කළ බවද ඇය කියා සිටියාය.
 
 එහෙත්, මෙම පැකට්ටුව කොරෝනා වෛරසයටම ප‍්‍රතිකර්මයක් නොවන අතර,වෛරසය ආසාදනය වීම වැළැක්වීමට සමත් ප‍්‍රතිශක්තිකරණය වැඩිකරන ඖෂධයක් ලෙස නම්කර තිබේ. ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩිකරන ආරක්ෂක උපක‍්‍රමයක් ලෙස ද මෙම පවුඩර් එක සහ පේයාව භාවිතා කළ හැකිය.
 
 කොළඹ මහ නගර සභාවට අයත් ආයුර්වේද බෙහෙත් ශාලා 20 ක් ඇති බවත්, ඒවායින් ද මෙම ප‍්‍රතිශක්ති වර්ධක පේයාව නොමිලේ ලබාගත හැකි බවත් නාගරික කොමසාරිස්වරිය කියා සිටියාය. කොරෝනා රට තුළ ව්‍යාප්ත වූ මුල් කාලයේදීම මෙම පේයාව කොළඹ නගරයේ වැසියන්ට ලබාදීමට ක‍්‍රියාකිරීමේ ප‍්‍රතිඵලයක් හැටියට නගරය තුළ මේ වනවිට කොරෝනා පැතිරීම පාලනය වී ඇතැයි ද ඇය සඳහන් කර සිටියාය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles