Divaina - අයි. ඕ.සී. පෙට‍්‍රල් රු.5කින් අඩුවෙයි...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 ලසිත දුමින්ද
 
petirane135 ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල ඊයේ (22 වැනිදා* මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් පහකින් අඩු කිරීමට අයි ඕසී සමාගම පියවර ගෙන ඇත. මේ අනුව රුපියල් 142 ක්ව තිබූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 137ක් දක්වා යළිත් අඩු කර තිබේ.
 
 අයි ඕසී සමාගම පසුගිය අපේ‍්‍රල් මස 06 වැනිදා ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් පහකින් අඩු කර තිබූ අතර යළිත් 18 වැනිදා රුපියල් 5කින් වැඩි කර තිබිණි.
 
 ඞීසල් මිල දැනටමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම් හල්වල ඞීසල් මිල හා සමපාතව පවතින බවත්, ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට අයි ඕසී පිරවුම්හල්වල 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිලද රු. 137 ක් ලෙස සමපාත වූ බවත් එම සමාගමේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

  

 

 

 

 

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles