Divaina - හම්බෙගමුව වැටහිර කන්ද රක්ෂිතය වනසා ගංජා වවලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

හම්බෙගමුව වැටහිර කන්ද ස්වභාවික වනජීවී රක්ෂිතයේ පවත්වාගෙන ගිය පර්චස් 40ක ගංජා හේනක් වැටලීමට සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී තිබේ.

සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද ඔත්තුවකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේ එහි හිමිකරු එහි සිට නැති අතර සරුවට වැඞී තිබුණු ගංජා ගස් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ගලවා විනාශ කෙරුණු අතර ගංජා සම්පල අධිකරණ කටයුතු සඳහා ගල්කොටුකන්ද අඩවි වන නිලධාරී කාර්යාලයට භාර දී තිබේ. සැකකරුවන් හම්බෙගමුව වැටහිර කන්ද ස්වභාවික වනජීවී රක්ෂිතයේ ගස් කොලන් කපා දමා විනාශ කර මෙලෙස ගංජා හේන පවත්වා ගෙන ගොස් තිබේ. සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර නාත දිසානායක, උඩවලව ප‍්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ආනන්ද පේ‍්‍රමසිරි යන මහත්වරුන්ගේ අපදෙස් පරිදි සූරියවැව විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් පරීක්ෂක ආර්.එම් අනුර රණසිංහ, පොලිස් සැරයන් (7194) රණසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (15350) මනුකුලසුරිය, (79986) අධිකාරී, (88150) සමරකොන් හා (76111) බංඩාර යන නිලධාරීහු එක්ව වැටලීම සිදුකළහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles