Divaina - ඇඳිරි නීතිය මැද බක් පෝය දවසේ මහියංගණ පොලිසියේ නිලධාරි පිරිසක් සොරබොර වැවේ මත්පැන් සාදයක් දාලා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 provi1
 
 මහියංගණ - රංජිත් කරුණාවිර
 
බක්පුර පසළොස්වක පෝය හා රට පුරා ඇඳිරිනීතිය පනවා තිබියදී පෙරේදා (07) සවස සිට රාත‍්‍රිය දක්වා මහියංගණ පොලිස්ථානයේ පොලිස් නිලධාරින් පිරිසක් මහියංගණ සොරබොර වැවේ මත්පැන් සාදයක් පවත්වා, ගී ගයා විනෝද වීම පිළිබඳ බොදුබළසේනා සංවිධානයේ මහියංගන ශාඛාවේ සභාපති හා 969 සංවිධානයේ මහියංගන ප‍්‍රාදේශිකයේ සභාපති දෙහිගොල්ල ශ‍්‍රී පූර්වාරාමයේ විහාරාධිපති අම්බාලේ රතන හිමියන් දැනුවත් කිරීමෙන් පසු බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතා දැනුවත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව කන්දේවත්ත මහතා පැවසීය.
 
provi1 2බක්පුර පසළොස්වක පෝය දිනය වූ පෙරේදා (07) සවස 04 පමණ සිට රාත‍්‍රි 7.30 පමණ වනතුරු සොරබොර වැව්තාවුල්ලේ මෙම මත්පැන් සාදය පවත්වා ඇති අතර, සිද්ධිය පිළිබද සොයා බැලීමට සොරබොර වැවට පොලිස් ජිප් රථයක් පැමිණිමත් සමග මත්පැන් සාදයේ යෙදී සිටි පිරිස් විසිර ගොස් ඇත. එම අවස්ථාවේ අම්බාලේ රතන හිමියන්ද එම ස්ථානයට ගොස් ඇති අතර විසිර ගිය පිරිස උන්වහන්සේ විසින් දැක ඇති අතර ඔවුන් දමා ගිය මයික් එකක් හා පොරවක් අම්බාලේ රතන හිමියන් සන්තකයට ගෙන ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles