Divaina - ඉන්දුනීසියාවේ ගොස් පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුත්තලමේ තවත් දෙදෙනකුට කොරෝනා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 
 indu
අමරනන්ද විජේසේකර- මහවැව
 
ඉන්දුනීසියාවේ පැවැති ආගමික කටයුතුවලට ගොස් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ ස්වයං නිරෝධායනය වෙමින් සිටි අය අතරින් තවත් කොරෝනා රෝගීන් දෙදෙනකු හමු වූ බව පුත්තලම දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය දිනුෂා ප‍්‍රනාන්දු මහත්මිය පවසයි.
 
 මෙම රෝගීන් දෙදෙනා පුත්තලම - තිල්අඩිය හා අල්කාසිම් සිටි නිවාස යෝජනා ක‍්‍රමයේ පදිංචි අය වෙති.
 
 ඔවුන් ඉන්දුනීසියාවේ ආගමික කටයුතුවලට ගොස් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පිරිසේ අවුරුදු 60 හා 65 වයසේ පසුවන මව්ලවිවරුන් දෙදෙනෙකු බවත් ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් පසු ඔවුන් මුල්ලේරියාව රෝහල වෙත යැවීමට කටයුතු කළ බවත් සෞඛ්‍ය අංශ පවසයි.
 
 ඉන්දුනීසියා ආගමික කටයුතු සඳහා ගොස් පැමිණ සිටි පළමු කණ්ඩායමේ දස දෙනෙකුගෙන් හත් දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදිතයින් බවට වෛද්‍ය පරීක්ෂණවලදී සනාථ වී තිබේ.
 
 අදාළ ආසාදිතයින් පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් පුත්තලම මුලික රෝහලේ ගිලන් රථ මගින් මුල්ලේරියාව රෝහල වෙත යැවීම සඳහා කටයුතු කළ බව පුත්තලම ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. සුරේෂ් මහතා පැවසීය. 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles