Divaina - කඩවතින් ගොස් හැටන් ප‍්‍රදේශයේ කරක් ගැසූ පුද්ගලයෙක් අල්ලා මහනුවර රෝහලට ඇතුළත් කරලා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 hatton
 
 * එම පුද්ගලයාව රෝහල් ගත කළ සුවසැරිය ගිලන් රථය සහ එහි කාර්යය මණ්ඩලයත්, පොලිස් නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනුත් විෂබීජහරණයට ලක් කරති
 
 
 ජායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක
 
කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරතව සිට හැටන් ප‍්‍රදේශයට පැමිණ සැ`ගව සිටි පුද්ගලයෙකු වතු කම්කරුවන් පිරිසක් විසින් අල්ලා හැටන් පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව එම පුද්ගලයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව (08දා) දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු (08) මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වැඩ බලන පරිපාලන නිලධාරි එස්.රාමේදේවන් මහතා පැවසිය.
 
 කඩවත ඉහල බියන්වල ප‍්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ලියනගේ අබේපාල නම් මෙම පුද්ගලයා කොම්පඤ්ඤවිදියේ චීන සමාගමක් විසින් සිදු කරන ඉදි කිරීම් කටයුත්තක කම්කරුවෙකු වශයෙන් සේවය කර ඇති බවත්, කොළඹ ප‍්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමත් සමග ඔහු ලොරි රථයකින් මහනුවර ප‍්‍රදේශයට පැමිණ ඇත.
 
 ඉන් අනතුරුව ඔහු මීට දින පහකට පමණ ප‍්‍රථම හැටන් නගරයට පැමිණ හැටන් බස් නැවතුම්පොලේ සහ තවත් ස්ථාන කිහිපයක රැඳී සිට ඇති බවත් පසුව (07) දින දික්ඔය තේ වත්තේ සැකකටයුකු ලෙස සැරිසරමින් සිටියදී එම වතුයායේ වතු කම්කරුවන් සැක කටයුතු පුද්ගලයෙකු සැරිසරණ බවට හැටන් පොලිසියට කළ දැනුම් දීමක් මත එම පුද්ගලයාගෙන් ප‍්‍රශ්න කර ඔහුව 1990 සුවසැරිය ගිලන් රථය මගින් දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
 
 රෝග ලක්ෂණ කිහිපයක් මත සිටි එම පුද්ගලයා දින කිහිපයක් කුසගින්නේ සිටි බවටත් සෞඛ්‍යය අංශ විසින් තහවුරු කරගෙන ඇත.
 
 මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ එම පුද්ගලයා අධි අවදානම් කලාපයක සිට පැමිණීමත්, ඔහු
 
 රැකියා කළ ස්ථානයේ තිබූ සම්බන්ධකම් හේතුකොට ගෙන ඔහුව වැඩිදුර පරීක්ෂණ සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.
 
 එම පුද්ගලයාව රෝහල වෙත ප‍්‍රවාහනය කළ සුවසැරිය ගිලන් රථය සහ එහි කාර්යය මණ්ඩලයත්, පොලිස් නිලධාරින්, මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විෂබිජහරණයට ලක් කෙරිණ. 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles