Divaina - කොළඹ ඉඳන් මිද්දෙණියේ ගෙදර ඇවිත් සිටි තරුණයෙක් හදිසියේ රෝහල් ගතකිරීමෙන් පසු මියගිහින්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px




මත්තල දිලිප් එන්. ජයසේකර
 
කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරතව සිට පසුගිය 20 වන දින නිවසට පැමිණ ඇති 30 හැවිරිදි තරුණයෙකු හදිසි හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් මිද්දෙණිය කාරියමඩිත්ත තලාව දිසා රෝහ‍ලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසයි.
 
 මෙලෙස මියගොස් ඇත්තේ කාරියමඩිත්ත,කුඩාගොඩ,උඩගහවත්තේ පදිංචි වික‍්‍රමාරච්චි කංකානම්ගේ වජිර ප‍්‍රසංග නැමති 30 හැවිරිදි තරුණයෙකි.
 
 මෙම තරුණයා කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඇති අතර රට තුළ කොරෝනා වෛරසය පැතිරයාම නිසා පසුගිය 20 වන දින කොළඹ සිට නිවසට පැමිණ තිබේ. එලෙස පැමිණි සිටි මෙම තරුණයාට පෙරේදා (07) රාත‍්‍රි 10.00ට පමණ හදිසි හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් කාරියමඩිත්ත දිසා රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී මෙම තරුණයා මියගොස් තිබේ. මියගිය තරුණයාගේ සිරුර ඇඹිළිපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇති අතර සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මියගිය පුද්ගලයා කොළඹ ප‍්‍රදේශයේ සිට පැමිණ නිවසේ රැඳී සිටිම නිසා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර පරීක්ෂණ කටයුතු සිදුකරන බව මිද්දෙණිය පොලිසිය පැවසුවේය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles