Divaina - පිට පළාත්වලට ගොස් උතුරට එන ආරක්ෂක අංශ නිලධාරීන් දින 21ක් නිරෝධායනයට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


uthura


දිනසේන රතුගමගේ

නිවාඩු ලබා ගැනීම හා වෙනත් කරුණු මත උතුරු ප‍්‍රදේශයෙන් පිටස්තර පළාත්වලට ගොස් යළි ආපසු පැමිණෙන ආරක්ෂක අංශ නිලධාරීන් නිරෝධායනය කිරීමේ නව වැඩ පිළිවෙළක් 7 දා උතුරු ප‍්‍රදේශය පුරා ආරම්භ කොට තිබේ.

මේ නිරෝධායන කටයුතු සඳහා උතුරු පළාතේ ඒ ඒ ප‍්‍රදේශ වල පිහිටි පාසල් ගොඩනැගිලි හා පොදු ස්ථාන යොදා ගෙන ඇති අතර උතුරු පළාතෙන් පිටස්තර ප‍්‍රදේශවලට විවිධ හේතූන් මත ගොස් ආපසු පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයින් දින 21 ක කාලයකට නිරෝධායනයට ලක් කරනු ලබයි.

පිටස්තර පළාත්වලට ගොස් පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයින්ට කොරෝනා ආසාදිතයින් හමුවීමට ඇති ඉඩ කඩ වැඩි නිසා ඔවුන්ව එම රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම නව වැඩපිළිවෙළ දියත් කළ බවත් ඉන් උතුරු ප‍්‍රදේශයට කොරෝනා වෛරසය ඇතුලූ‍ වීම පාලනය කළ හැකි බවත් උතුරේ ආරක්ෂක අංශ නිලධාරීන් කියා සිටියි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles