Divaina - රටපුරා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 120 කට දඹුල්ල ආර්ථිකයෙන් එළවළු හා පලතුරු බෙදීම 6දා සිට ඇරඹුවා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 * ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ ලේකම් හා ප‍්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය
 
 
දඹුල්ල - සරත් එරමිනිගම්මන
 
පවතින තත්වය යටතේ ගොවි ජනතාව ආරක්ෂා කර ගනිමින් රටපුරා පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 120 ක් වෙත එළවළු හා පලතුරු ඇනවුම් තොග වශයෙන් ප‍්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරය හා ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ඒකාබද්ධව (6) දින සිට ආරම්භ කළ බව ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ ලේකම් හා ප‍්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා ප‍්‍රකශ කළේය.
 
 මෙම වැඩපිළිවෙළ යටතේ සෑම දිනකදීම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40 කට කෘෂි නිෂ්පාදන ප‍්‍රවාහනය කෙරෙන අතර සෑම දින තුනකට වරක් එම එක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කෘෂි නිෂ්පාදන ප‍්‍රවාහනය කෙරෙනු ඇත.
 
 කෘෂි නිෂ්පාදන ප‍්‍රවාහනය කරන දිනට පෙර දින පෙරවරු 10.00 ට පෙර අවශ්‍ය කෘෂි නිෂ්පාදන තොග ඇනවුම් ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති මෙහෙයුම් ඒකකයට දුරකථන මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් ලබාදිය යුතු අතර එදිනම පස්වරු 2.00 ට ඇනවුම් කර ඇති කෘෂි නිෂ්පාදන තොග ප‍්‍රමාණය, වර්ගය ලබාදිය හැකි බවට නැවත දැනුම් දෙනු ලබයි. අදාල ඇනවුම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලය ලත් නිලධාරියෙකු අනුමත කිරීමෙන් පසු පසුදින පෙරවරු 10.00 ට ප‍්‍රථම අදාල ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයට අදාල කෘෂි නිෂ්පාදන ඇනවුම් ප‍්‍රවාහනය කරදෙනු ලැබේ. එක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් අවම වශයෙන් කෘෂි නිෂ්පාදන ඇනවුම් කළයුතු තොග ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 7000 කි.
 
 කෘෂි නිෂ්පාදනයන්ගේ දෛනික තොග මිල හා සිල්ලර මිල විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල් ප‍්‍රචාරයක් මගින් පාරිභෝගිකයින් දැනුවත් කිරීම මගින් අතරමැදියන්ගේ සිදුවන වෙළඳ අකටයුතුකම් මඟහැර යනු ඇතැයිද ඒ මහතා පැවසීය.
 
 මෙහෙයුම් ඒකකයේ දුරකථන අංක:- 066 2285181/066 3684920
 ෆැක්ස් අංක 066 2285448
 වට්ස් ඇප්ස් හෝ වයිබර් අංක 071 4459505
 EMAIL අංක dambulladdc@gmail'com>

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles