Divaina - කොරියාවේ සිට පැමිණ නිරෝධායන වූ අයෙකුටත් වැළඳිලා...කොහුගොඩ පහළ මලිදුව මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 coro
 
 * අකුරැස්ස කොහුගොඩත් හුදෙකලා කරයි
 
 * ආසාදිතයා ඇසුරු කළ නිවාස 8ක පිරිස් ස්වයං නිරෝධායනයට

 
 
 ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි, අකුරැස්ස සමන් උපුල් පිනිදිය
 
අකුරැස්ස මලිදුව කොහුගොඩ ගම්මානයෙන් කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමග එම ප‍්‍රදේශයට ඇතුළුවන කොහුගොඩ පහළ මලිදුව මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා එම ප‍්‍රදේශය හුදෙකලා කිරීමට කටයුතු කළ බැව් අකුරැස්ස පොලිසිය පවසයි.
 
 මෙකී ආසාදිත පුද්ගලයා 42 වියේ පසුවන අයෙකි. ඔහු කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී පැමිණි අයෙකි. මොහුගේ බිරිඳ ඇතුළු දරුවන් තිදෙනා ද සෙම් පටල පරීක්ෂාවක් සඳහා මාතර කඹුරුගමුව රෝහල වෙත යොමුකර ඇති බව අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ. පේ‍්‍රමරත්න මහතා පැවසීය.
 
coro2මෙම දරු තිදෙනා අතර වයස අවුරුදු එකහමාරක කුඩා දරුවකු සිටින බව ද සෞඛ්‍ය බලධාරීහු පවසති. එම පුද්ගලයා ඇසුරු කළ සහ ප‍්‍රදේශය අවට ආගිය නිවාස අටක පුද්ගලයන්ද ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙකී ආසාදිත පුද්ගලයාගේ පියා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර පියා බැලීම සඳහාත් මොහු රෝහලට ගොස් ඇත. පසුව කරාපිටිය රෝහලේ බලධාරින් විසින් මෙකී පුද්ගලයාගේ පියා කොවිඞ් පරීක්ෂණයකට ලක්කිරිමට කටයුතු කළේය. ඔහුට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කළේය.
  

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles