Divaina - උතුරේ කොරෝනා රෝගීන්ගේ ලේ පරීක්ෂා කිරීම් යාපනය සරසවි වෛද්‍ය පීඨයේදී

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 uthuru
 
 දිනසේන රතුගමගේ
 
උතුරු පළාතේදී හමුවන කොරෝනා රෝගීන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු 6 දා සිට යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළදී සිදු කිරීමට සියලූ‍ විධිවිධාන යොදා ඇතැයි යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය එම්.රවිරාජ් මහතා පැවසීය.
 
 යාපනය විශ්වවිද්‍යාලයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයත් යාපනයේ සෞඛ්‍ය බලධාරීනුත් එක්ව යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ මේ පහසුකම් ඇති කළ බවයි.
 
 මේ දක්වාම උතුරු පළාතේදී හමුවුණු කොරෝනා
 
 රෝගීන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීම අනුරාධපුර ශීක්ෂණ රෝහලේදී හෝ කොළඹදී සිදු වූ බව පවසන ආචාර්ය රවිරාජ් මහතා මේ සඳහා ගතවන විශාල කාලය සැලකිල්ලට ගෙන යාපනයේ මෙම පහසුකම් ඇති කළ බවද කියා සිටියේය.
 
 යාපනය විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන මේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ ක‍්‍රියාවලියේදී එක් කොරෝනා රෝගියෙකුගේ රුධිර පටලයක් පැය තුනත් හයත් අතර කාලයකදී පරීක්ෂා කොට අවසන් කළ හැකි බවද ආචාර්ය රවිරාජ් මහතා පැවසීය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles