Divaina - රැඳවියෙකුගේ ගුද මාර්ගයේ සඟවා අනුරාධපුර බන්ධනාගාරයට හෙරොයින් ගෙනගිය නියාමක මාට්ටු

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

guda1

 
 අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
 
රැඳවියෙකුගේ ගුද මාර්ගයේ සඟවා ඔහු මාර්ගයෙන් අනුරාධපුර බන්ධනාගාරය තුළට හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් හතරයි මිලිග‍්‍රෑම් අටසිය විස්සක ප‍්‍රමාණයක් රැගෙන යාමට උත්සාහ කළ නියාමකවරයෙකු බන්ධනාගාර නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (05) සවස උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක විශේෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයයට භාර දී ඇත.
 
 සැකකරු පෙරේදා (05) සවස 1.00 ට පමණ බන්ධනාගාර නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධ මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව බන්ධනාගාර අධිකාරි සුගත් රෝහණ ලොකු ගලප්පත්ති මහතා සිදු කළ දැනුම් දීමකට අනුව එහි පැමිණි පොලිසිය සැකකරු සිය භාරයට ගෙන තිබිණි.
 
 මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු විසි පස් හැවිරිදි නිට්ටඹුව රන්පොකුණගම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි.
 
 මත්කුඩු පානය කිරීමට දැඩි ලෙස ඇබ්බැහිව සිටින බවට සහ බන්ධනාගාර රැඳවියන් හට හොර රහසේ මත්කුඩු අලෙවි කරන බවට තොරතුරු ලැබීම නිසා එය නතර කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා සහ ප‍්‍රධාන ජේලර්වරයා ඇතුළු එහි උසස් නිලධාරින් විසින් සැකකරුට නිරතුරුව අවවාද කොට තිබිණි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත වහාම ක‍්‍රියාත්මකවන පරිදි සැකකාර නියාමකවරයාගේ වැඩ තහනම් කොට ඇත. සැකකරු ඊයේ (06) අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles