Divaina - මත් ලෝලියා මත්පැන් ශාලාව ඉදිරිපිටම තම දිවිය හැර ගොසින්...

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

mathpana500
 
 ඡායාරූප හා සටහන - නුවරඑළිය නාලක රත්නායක
 
 ගම්පොල නව කුරුඳුවත්ත නගරයේ මත්පැන් ශාලාවක්‌ ඉදිරිපිට මියගොස්‌ සිටි පුද්ගලයකුගේ මළ සිරුරක්‌ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා ගම්පොල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරිය (27 දා) නව කුරුඳුවත්ත පොලිසියට නියෝග කළාය.
 
 පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මෙසේ යොමු කරන ලද්දේ ගම්පොල කුරුඳුවත්ත පැල්ලවපිටිය ප්‍රදේශයේ පදිංචිව සිsටි 44 හැවිරිදි එස්‌. පී. වීරසිංහ නමැති අයගේ සිරුරයි.
 
 මත්පැන් ශාලාව ඉදිරිපිට පුද්ගල මළ සිරුරක්‌ ඇති බවට නව කුරුඳුවත්ත පොලිසියට 27 දා උදැසන ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක්‌ මත නව කුරුඳුවත්ත පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.
 
 මිය ගිය අය මත්පැන් පානයට ඇබ්බැහිවූ අයකු බවට දැනට පොලිසිය විසින් කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
 මරණය සම්බන්ධයෙන් නව කුරුඳුවත්ත පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles