Divaina - 15 හැවිරිදි පෙම්වතියට ලිංගික අතවර කළ බවට 22 හැවිරිදි පෙම්වතා වරද පිළිගනී

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta



 
 මීගමුව සමූහ - විමල් කීර්ති
 
 15 හැවිරිදි ශිෂ්‍යාවක්‌ සමග ප්‍රේම සබඳතාවක්‌ පවත්වා පසුව ඇය ලිංගික අතවරයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් 22 හැවිරිදි පෙම්වතාට දඬුවම් නියම කිරීම සඳහා එම විත්තිකරුගේ ඇඟිලි සලකුණු වාර්තාව කැඳවීමට නියෝග කළ මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විත්තිකරුට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කල් තබන ලදී.
 
 විත්තිකරු ලක්‍ෂ 5 ක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට ද නියෝග කළේය.
 
 නීතිඥ මනේෂ් වෑවිට මහතා මඟින් වරද පිළිගත් විත්තිකරු වූයේ මීගමුව තලාදුව කඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකි.
 
 2012 අප්‍රේල් මස 09 වැනි දින මීගමුව තලාදුවේදී 15 හැවිරිදි බාලවයස්‌කාර තම පෙම්වතියට ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරු අධි චෝදනා ලබා තිබිණි.
 
 රජයේ අධිනීතිඥ මලික්‌ අසීස්‌ මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා පෙනී සිටියේය. මීගමුව පොලිසියේ සැරයන් (30614) ඩී. එස්‌. වසන්ත කුමාර මහතා පැමිණිල්ලට සහාය විය.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles