Divaina - මරුට දිරි දෙන්න ගිය සෙබළා දැඩි සත්කාරයට

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා, නාච්චාදුව - ප්‍රභාත් වනසිංහ
 
 සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගැනීමට තැත් කළ හමුදා සෙබළකු බරපතළ තුවාල ලබා ඊයේ (28 දා) උදැසන අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
 
 අනුරාධපුර ශ්‍රී ලංකා සංඥ බළකායේ හතර වන රෙජිමේන්තුවේ සේවය කරන මෙම හමුදා සෙබළා ඊයේ උදැසන කඳවුරේ පිවිසුම් දොරටුවක මුර කුටියේ රාජකාරියේ නිරතව සිටියදී මෙම වෙඩි තබා ගැනීම සිදු කරගෙන ඇත.
 
 මෙහිදී සෙබළාගේ පපුව ආසන්නයට වෙඩි වැදී තිබේ.
 
 මෙම සෙබළා මේ වනවිට අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. විසිඑක්‌ හැවිරිදි මෙම සෙබළා අලව්ව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
 
 මේ පිළිබඳව පරීක්‌ෂණ යුද හමුදා පොලිසිය හා අනුරාධපුර රෝහල් පොලිසිය සිදු කරයි.
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles