Divaina - අහස පොළව නුහුලන මෙවන් අපරාධවලට වගකියන්නේ කවුද?

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 ඡායාරූප හා සටහන නුවරඑළිය - නාලක රත්නායක
 
hand1 උණ සහ උදරයේ අමාරුවට රාගම ශික්‌ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තිදරු මවකගේ අත් දෙකහිම මැණික්‌ කටුවට පහළින් පිළිස්‌සී කළුපැහැ ගැන්වී වම් අතෙහි මහපට ඇඟිල්ල පමණක්‌ ක්‍රියාකරන බව තිදරු මවගේ දරුවන් චෝදනා කර සිටී.
 
 ඇය නාවලපිටිය සොලන්කන්දේ පදිංචි පී. ධනලෙච්චමි නමැති 62 හැවිරිදි තිදරු මවකි.
 
 ධනලෙච්චමි මහත්මිය කියා සිටින්නේ තමන් කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාහයිකාවක්‌ වශයෙන් කාලයක්‌ සේවය කළ බවත්, 2020.01.15 දින තමන්ට හදිසියේ උණ සහ උදරයේ අමාරුවක්‌ ඇතිවීම හේතුවෙන් තම වැඩිමහල් පුතාගේ කටුනායක ප්‍රදේශයේ පදිංචි මිතුරෙකු විසින් මුලින්ම තමන්ව සීදූව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි.
 
 එදිනම සීදූව ප්‍රාදේශීය රෝහලෙන් තමන්ව රාගම ශික්‌ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු දින 17 ශික්‌ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවත්, දින තුනකට පසු තමන් සිහිය පැමිණි විට තමන්ගේ අත් දෙක මැණික්‌ කටුවෙන් පහළට දැඩි ලෙස කළුපැහැ ගැන්වී අත් දෙකම මැණික්‌ කටුවෙන් පහළට ක්‍රියා නොකළ බවයි.
 
 යළිත් තමන්ට දින 17 කට පසුව සිහිය පැමිණීමෙන් පසුව එම රෝහලේ වෛද්‍යවරුන් විසින් එම රෝහලේ 12 වාට්‌ටුවට ඇතුළත් කර 2020.02.02 දින දක්‌වා ප්‍රතිකාර ලබමින් සිටියදී තම පුතා විසින් රාගම රෝහලේ වෛද්‍යවරුන්ගෙන් කරන ලද ඉල්ලීමක්‌ මත තමන්ව පේරාදෙණිය ශික්‌ෂණ රෝහල වෙත මාරු කර එවූ බවයි.
 
 පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේදී තමන්ව වෛද්‍යවරුන් 20 දෙනකු පමණ පරීක්‌ෂා කළ බවත්, එහිදී වෛද්‍යවරුන් විසින් රාගම ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දීමේදි බෙහෙතක්‌ මාරුවීම නිසා තමන්ගේ අත්දෙකට මෙවැනි තත්ත්වයක්‌ උදා වී ඇති බව වෛද්‍යවරුන් විසින් කතා කරමින් සිටින බව තමන්ට ඇසුණු බවයි ධනලෙච්චමි මහත්මිය කියා සිටී.
 
 දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන තමන්ට සිදු වූ අසාධාරණයට සාධාරණයක්‌ ඉටු කරදෙන ලෙසත්, තමන්ගේ අත්දෙක සනීප කර දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට සියලු දෙනාගෙන් ධන ලෙච්චමි මහත්මිය ඉල්ලා සිටී.
 
 අත් දෙක කළු වී රෝගාතුර වී නිවසේ සිටින ධනලෙච්චමි මහත්මිය ඡායාරූපයෙන් දැක්‌වේ.

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles