Divaina - ලෝක උරුම නගරයට හානිදායකයි.... මහනුවර කේබල් කාර් ව්‍යාපෘතියට අනුමැතිය දෙන්නේ නැහැ

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

රක්‍ෂිතයට දැඩි හානි ඇතිවිය හැකියි
 
 සිරිල් විමලසුරේන්‍ද්‍ර
 
 mahanuwaraමහනුවර නගර සීමාවේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කොරියන් සමාගමක් ඉදිරිපත් කර ඇති ඉල්ලීමකට මහනුවර නගරාධිපති කේසර සී. සේනානායක මහතාගේ අනුමැතිය නොලැබේ.
 
 කොරියානු සමාගම 2018 වර්ෂයේදී කළ ඉල්ලීම සම්බන්ධයෙන් එම සමාගමත් මහ නගර සභාවත් අතර සාකච්ඡුා වට කීපයක් ම පැවැත්වූ බව පැවසූ නගරාධිපති කේසර සී. සේනානායක මහතා කේබල් කාර් ව්‍යාපෘතිය මහනුවරට නොගැළපෙන්නක් බැවින් තමා එම ව්‍යාපෘතියට එකඟ නොවන බව පැවසීය.
 
 කේබල් (ගුවන්* කාර් ව්‍යාපෘතිය පිළිබඳ ලියකියවිලි සහ ව්‍යාපෘති වාර්තාව මහනගර සභාවේ සියලූ මන්ත‍්‍රීවරුන් වෙත ඉදිරිපත් කරන බව ද නගරාධිපති කේසර සී. සේනානායක මහතා පැවැසීය.
 
 කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අනුමැතිය නොදීමට හේතු කීපයක් ම තිබෙන බවත්, එවැනි ව්‍යාපෘතියක් සමාජ, ආගමික හා පාරිසරික හේතු මත ලෝක උරුම නගරයක් වූ මහනුවරට නුසුදුසු බව ද නගරාධිපතිවරයා පැවැසීය.
 
 කේබල් කාර් ව්‍යාපෘතිය සංචාරක ව්‍යාපාරය සඳහා ඵලදායී වුවත් මහනුවරට බලපාන විශේෂ හේතු කීපයක් තිබෙන බව පෙන්වා දෙන නගරාධිපති කේසර සී. සේනානායක එම හේතු අතර මෙවන් හේතු ද තිබෙන බව පැවසීය.
 
 මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ නගර සභාවට අයත් වන රක්‍ෂිතය තුළයි. කේබල් කාර් සඳහා පිවිසීමට සංචාරකයන්ගේ පිවිසුම නගර සභාවේ ජල ටැංකිය අසලින් ය.
 
 ව්‍යාපෘතිය සඳහා යකඩ කුලූනු 17 ක් පමණ නගර සභාවේ වන රක්‍ෂිතය තුළ ඉදිකිරීමට සිදුවෙයි. ඒ සඳහා හෙලිකොප්ටර් යානා පවා යොදා ගැනීමට සිදුවනු ඇත. මීට අමතරව ජලාශ පිහිටි වන රක්‍ෂිතයේ වටිනා වෘක්‍ෂයන් ද කපා දැමීමට සිදුවනු ඇත. එසේම වන රක්‍ෂිතය තුළ ගොඩනැඟිලි කීපයක් වුවද ඉදිකිරීමට සිදුවීමට ඉඩ තිබේ.
 
 මේ අතර මෙවැනි ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම අයෝග්‍ය බවට මහා සංඝරත්නයේ සහ ප‍්‍රභූ පිරිස්වල මෙන්ම පරිසර ආරක්‍ෂක සංවිධාන සහ ජනතා විරෝධය ද ඉදිරිපත් වීම නොවැළැක්විය හැකිය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles