Divaina - ඊයේ පාසල් ගිහින් නෑ සොහොයුරා සහ යාළුවන් සමග නාන්න ගිය සිසුවා ගිං ගඟට බිලි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

sea1ගිං ගෙඟ් මුල්කඩ පාලම අසල දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී ඊයේ (26) මියගිය බව බද්දේගම පොලිසිය පවසයි.

මෙකී පාසල් සිසුවා තම සහෝදරයකු හා පාසල් සිසුන් හයදෙනකු සමග දිය නෑම සඳහා මුල්කඩ පාලම අසලට ගොස් ඇත. මුල්කඩ පාලමේ සිට මීටර් 100ක් පමණ දුරකින් මෙම සිසුන් ගිංගෙඟ් දිය නාමින් සිට තිබේ. එහිදී එක් සිසුවකු දියේ ගසාගෙන ගොස් ඇත. ගංගාවේ ඇති වක්කලම දෙසට පාසල් සිසුවා ගසා ගෙන ගොස් ගිලී ඇති බව පොලිසිය පවසයි. මියගිය පාසල් සිසුවාගේ සහෝදරයා ද සිසුන් සමග දිය නාමින් සිට ඇත. මල්ලී දියේ ගසා ගෙන යන අයුරු ඔහු ඇතුළු සිසුන් දැක ඇතත් ඔහු බේරා ගැනීමට නොහැකි වී ඇත.

සිසුවා දියේ ගිලී පැයකට පමණ පසු ඊයේ (26) පස්වරුවේ දී සිරුරු සොයා ගෙන ඇත. මෙම සිසුන් ඊයේ (26) පාසල් නොපැමිණ ඇති බව ද පොලිසිය පවසයි. දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ බද්දේගම ක‍්‍රිස්තුදේව බාලක විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි තුසිත් තනුජ දිසානායක (14) නමැති පැඟිරිදුවවත්ත, හැම්මැලිය, බද්දේගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය සිසුවගේ හදිසි මරණ පරීක්ෂණය පැවැත් වීමට නියමිතව තිබුණි. බද්දේගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද, එස්.කේ. කළුආරච්චි - ගාල්ල සහ වැලිවිටිය දිවිතුර උපුල් මහේෂ්
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles