Divaina - සමූහ මිනී වළ කරේ තියාගෙන මන්නාරමේ ඊයේ උද්ඝෝෂණයක්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p3 1මන්නාරමේ සතොස වෙළෙඳ සංකීර්ණය අසලින් හමුවූ සමූහ මිනී වළ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින් ස්වේච්ඡුා සංවිධාන කීපයක් මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (26 දා* දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව තොරතුරු සොයා බලන සංගම් හා තවත් සංගම් කීපයක් එක්ව මේ උද්ඝෝෂණය කි‍්‍රයාත්මක කළේ මන්නාරම සමූහ මිනීවළෙන් හමුවූ මිනිස් ඇටසැකිලි 112 පිළිබඳව සිදු කෙරුණු පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බව ප‍්‍රකාශ කරමිනි.

මෙම ඇටසැකිලිවලින් සාම්පල හයක් ඇමරිකාවේ ෆ්ලෝරිඩා රසායනාගාරයට යවා කරන ලද කාබන් පරීක්ෂණවල දී එම මිනිස් ඇටසැකිලි වසර 1500කට වඩා පැරණි බවට නිකුත් කළ වාර්තාව පදනම් කරගෙන මන්නාරම අධිකරණය විසින් සමූහ මිනී වළේ කැණීම් කටයුතු නවතා දැමීමට නියෝගයක් නිකුත් කිරීම දැඩි අසාධාරණයක් බව උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ.

ඔවුන් පවසන්නේ මේ ඇටසැකිලි සම්බන්ධයෙන් යළිත් වෙනත් ස්ථානයකින් පරීක්ෂණ පවත්වා ඒ වාර්තා ගැන ද සැලකිල්ලක් දැක්විය යුතු බවයි.

උද්ඝෝෂණකරුවෝ එම ඉල්ලීම් ඇතුළත් ලිපියක් ද මන්නාරමේ බලධාරීන් වෙත උද්ඝෝෂණයෙන් පසුව භාර දී තිබේ.

මන්නාරමේ සමූහ මිනී වළ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා 25 වැනිදා මන්නාරම අධිකරණයේ පැවති නඩු විභාගය මාර්තු මස 5 වැනිදා දක්වා කල් දමා තිබේ.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles