Divaina - කාසල්රි ජලාශ රක්ෂිතයේ අක්කර 10ක් ගිනි ගනී...

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

නුවරඑලිය නාලක රත්නායක

kaaslree555
 
 කාසල්රි ජලාශ රක්ෂිතයේ 24 වැනිදා පස්වරුවේ හටගත්  ගින්නකින් රක්ෂිතයේ අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බව නොර්වුඞ් පොලිසිය පැවසීය.
 
 24 වැනිදා පස්වරු 5ට පමණ මෙම  ගින්න හටගෙන ඇත්තේ නොර්වුඞ් නිව්වැලි වත්ත ප‍්‍රදේශයේ කාසල්රි ජලාශය අසලින්ය.
 
 ඉලූ‍ක් සහ තෘණ සහිත එම රක්ෂිතයේ ශීඝ‍්‍රයෙන් ගින්න පැතිර ගිය අතර ගින්න හැටන් මස්කෙලිය ප‍්‍රධාන මාර්ගය අබියස පිහිටි නොර්වුඞ් ඇඟලූම් කාර්මාන්ත ශාලාව අසලට සහ හැටන් මස්කෙළිය ප‍්‍රධාන මාර්ගය අසලට ද පැතිර ගොස් තිබුණි.
 
 නොර්වුඞ් පොලිසියේ නිලධාරීහු සහ ඇඟලූම් කාර්මාන්ත ශාලාවේ නිලධාරීහු එක් වී දැඩි පරිශ‍්‍රමයක් දරා පැතිර යමින් තිබූ ගින්න පාලනය කළහ.
 
 කාසල්රි ජලාශයේ අනවසරෙන් ධීවර කටයුතුවල නිරත වී සිටින පිරිසක විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට නොර්වුඞ් පොලිසිය සැක කරයි.
 
 ගිනිගෙන විනාශ වී ඇති කාසල්රී ජලාශ රක්ෂිතය හරහා කාසල්රී ජලාශයට ජල මූලාශ කිහිපයක් ද ගලා බසින බව වතු කම්කරුවෝ කීහ.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles