Divaina - මස්කෙළියේදී උගුලකට හසුවූ කොටියා බේරා ගැනේ

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p3 1දඩයම්කරුවකු විසින් අටවා තිබූ උගුලකට හසුවී සිටි හොඳින් වැඩුණු කඳුකර කොටියකුගේ දිවි ගලවා ගැනීමට හැකිවූ බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

මස්කෙළිය පොලිස් වසමට අයත් බ‍්‍රවුන්ලෝ තේ වත්තේ වගා බිමක අටවා තිබූ උගුලකට 13 දා රාත‍්‍රි කොටියකු හසුවී සිටින බවට නල්ලතන්නිය වනජීවි කාර්යයාලයට ලද තොරතුරක් මත නල්ලතන්නිය වනජීවී කාර්යයාලයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමේදී කොටියාගේ උදරය උගුලට හසු වී ඇති බව වටහා ගත් වනජීවි කාර්යයාලයේ නිලධාරීන් කොටියා මුදා ගැනීමට නිර්වින්දනය කළ යුතු නිසා රන්දෙණිගල පශු වෛද්‍යය කාර්යයාලයේ නිර්වින්දන පශු වෛද්‍යවරයාගේ සහය ලබා ගෙන උගුලට හසු වී සිටි කොටියා මුදා ගත් බව ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවට පමණක් ආවේනික වූ වඳවීමේ තර්ජනයට ලක් වී ඇති කොටියා අවුරුදු හතක් පමණ වයසැති හොඳින් වැඩුණු පිරිමි සතෙකි. උගුලට හසුවී සිටි කොටියා බරපතළ ලෙස තුවාල ලබා සිටි නිසා කොටියාට ප‍්‍රතිකාර ලබා දීම සඳහා පශු වෛද්‍යයවරයා කොටියා රන්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැුගෙන ගිය බව ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.

කොටියාට මන්ද ඇටවූ සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් පැවසීය.

නුවරඑලිය නාලක රත්නායක

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles