Divaina - දවල් අව්ව සැරයි: දරුවන් එළිමහනේ බාහිර කටයුතුවල යොදවන්න එපා-බස්නාහිර පළාත් ආයුර්වේද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

re3 187”මේ දිනවල දහවල් කාලයේ දැඩි අව් රශ්මියක් පවතිනවා. මේ නිසා පාසල් යන දූ දරුවන්ට ශරීරය විඩාවට පත්වන බාහිර ක‍්‍රියාකාරකම්වල නියැළීමට ඉඩදෙන්න එපා.”යැයි බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී කේ.කේ. සංජීවනී සිල්වා මහත්මිය සියලූ දෙමාපියන්ගෙන් ඊයේ (16වැනිදා) ඉල්ලීමක් කළාය.
 
 මේ දිනවල දරුවන් මෙන්ම වැඩිහිටියන් ද පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීම සුදුසු බව ඇය කියා සිටියාය. මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේද සඳහන් කළාය.
 
 ”මේ දිනවල අව්ව සැරයි. එයින් අහිතකර කිරණ පිටවෙන්නේ. උදේ 11.00 ත් සවස 3.00 ත් අතර කාලයේ දරුවන්ට ක‍්‍රීඩාවේ හෝ බාහිර ක‍්‍රියාකාරකම්වල නියැළෙන්න දෙන්න එපා. හැකි තරම් දරුවන් වගේම වැඩිහිටියන්ද පිරිසිදු ජලය අවම වශයෙන් ලීටර් එකහමාරක් හෝ පානය කිරීම සුදුසුයි. දරුවන්ට පළතුරු යුෂ, තැඹිලි, කොළ පැහැති දොඩම්, හීන් නාරං, කොමඩු, නෙල්ලි යුෂ පානය කරන්න දෙන්න’’
 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles