Divaina - වසර 20 කට අධික කාලයක් පුරන්ව තිබූ කුඹුරු අක්කර 1400 ක් අස්වද්දයි... ප‍්‍රජා පොලිස් ස්ථානාධිපතිතුමිය ගමට ලැබුණු වස්තුවක් - ගැමියෝ කියති

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

police444
 
 චමින්ද සිල්වා
 
 ගම්පොල පොලිස් බලප‍්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක් ගම්පොල මූලස්ථාන පොලිසියේ ප‍්‍රජා පොලිස් අංශය මගින් ආරම්භ කර ඇත.
 
 ගම්පොල ප‍්‍රදේශයේ වසර 20 කට වඩා වැඩි කාලයක් වැඩ නොකර පුරන් වී ඇති කුඹුරු අක්කර 1400ක් පමණ ඇති අතර, ග‍්‍රාමනිලධාරි වසම් මට්ටමින් පිහිටුවා ඇති ප‍්‍රජා පොලිස් කමිටු හරහා පුරන් කුඹුරු අස්වැද්දීම ආරම්භකර ඇත. ප‍්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිනි දෙවින්දි වික‍්‍රමසිංහ මහත්මිය ඇතුළු එම ඒකකයේ නිලධාරීන් විසින් ග‍්‍රාමනිලධාරි වසම්වල ප‍්‍රජා පොලිස් කමිටු වඩාත් හොඳින් බලගන්වා මුළු ගමම ප‍්‍රජා පොලිස් සඳහා ආකර්ෂණය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රජාව හා තරුණ ප‍්‍රජාව දැනුවත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ගම්පොල ස්ථාන කිහිපයකම දැනට පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන ක‍්‍රියාත්මක වේ.
 
 රත්මල්කඩුව, හපුගස්පිටිය වෙල්යායේ අක්කර 65 ක පුරන් කැඞීමේ වැඩසටහන චාරිත‍්‍රානුකූලව එම ප‍්‍රදේශයේ පිහිටුවන ලද ප‍්‍රජා පොලිස් කමිටුව, තරුණ සංවිධාන හා සියලූම ප‍්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.
 
 ප‍්‍රජා පොලිස් ස්ථානාධිපතිනි දෙවින්දි වික‍්‍රමසිංහ මහත්මිය පොලිස් නිල ඇඳුමින් සැරසී සුබ මොහොතින් පුරන් කැඞීමේ චාරිත‍්‍රයට එක්වූ අතර ප‍්‍රදේශවාසීන් එම නිලධාරිණිය තම ප‍්‍රදේශයට ලැබුණු වටිනා වස්තුවක් ලෙස සලකති.
 
 ගම්පොල කොටිඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස්, පොලිස් අධිකාරි ජාලිය හීන්කෙන්ද, මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් වික‍්‍රමරත්න යන මහත්වරුන් විසින් ප‍්‍රජා පොලිස් ඒකකය බලගන්වා ඒ තුළින් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ක‍්‍රියාවන් වැලැක්වීම සඳහා පුළුල් වැඩසටහනක් සකස්කර ඇති අතර, එම ක‍්‍රියාව ශක්තිමත් කරමින් එහි ස්ථානාධිපතිනිය ,සැක බිය දුරුකොට ගම සමගිකර ඇති අතර, සමගිය තුලින් ගොඩනැගෙන ගමේ අතිත ශ‍්‍රී විභූතිය ගොඩනැංවීම සදහා මෙවැනි කටයුතු සංවිධානය කර ඇත.ප‍්‍රජා පොලිස් කමිටු වටා තරුණ, බාල, මහළු වැඩිහිටි සියළුදෙනා ඒකරාශිවීම තුල ප‍්‍රජා පොලිස් කරණයේ පුළුල් අරමුණු සාක්ෂාත් කරගත හැකි බව ස්ථානාධිපතිනිය පවසයි.
 
 මේ අවස්ථාවට එක්වූ රතනඝර විහාරාධිපති, උඩ පළාතේ ලේඛකාධිකාරී පූජ්‍ය බෝවල විමලධර්ම හිමියන් පවසා සිටියේ ප‍්‍රජා පොලිස් ස්ථානාධිපති තුමිය මේ කරන සද්කාර්යයට පුණ්‍යානුමෝදනා කරන බවය. තවද උන්වහන්සේ කුඩා කාලයේ මෙම පුරන් වී ඇති කුඹුරුයාය නිල්ල පිරුණු පරිසරයක් පැවැති බවත් වර්තමානයේ දී ගැමියන්ගේ අටු කොටු පිරී ඉතිරී පවතිනු දැකීම තමාගේ ප‍්‍රාර්ථනාව බව පවසා සිටියාය.
 
 පාසල් යන වයසේ සිටින දරුවන් 100 දෙනෙකුට අධික ප‍්‍රමාණයක් පුරන් කැඞීම සදහා සහයෝගය දෙමින් මිටෙන් හළ කුරුල්ලන්සේ මඬේ වැටෙමින් ද`ගලමින් කෑගසන අයුරු ගම්වැසියන් බලා සිටියේ දෙනෙතට ක`දුළු පුරවා ගනිමිනි. තම දරුවන්ට වසර 20කට පසුව ලබාදුන් සතුට පිළිබ`දව ඔවුන් කථාකළේය.
 
 මෙම අවස්ථාවට රත්මල්කඩුව විහාරාධිපති සුමන හිමියන් රතනසාර විහාරාධිපති උඩපළාතේ ලේඛකාධිකාරී විහාරාධිපති පූජ්‍ය බෝවල විමලධර්ම හිමියන්, ජයමාලපුර සුමණාරාම විහාරයේ විහාරාධිපති රඹුක්පිටියේ රේවත හිමියන් ,ගලත ධර්මවර්ධනාරාමයේ විහාරාධිපති හිමියන්, රාජාංගනයේ සිරිසුමන හිමියන්, ග‍්‍රාමනිලධාරි ,ගොඩමුන්න මහතා,කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරි නිමල්, ප‍්‍රජා පොලිස් කමිටු සභාපති ටී.ජී.ඞී.ජයවික‍්‍රම, තරුණ සංවිධානයේ සභාපති සුරංග ඇතුළු රජයේ නිලධාරීන් හා ගම්වැසියන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles