Divaina - ඌරුමස් ඉල්ලා අවන්හලට හානි කළ නීතිඥවරිය අලාභය ගෙවලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 නෙළුව සිරිසේන ගමගේ
 
 මොරවක අවන්හලකට පැමිණ අලාභ හානි කර පලාගිය නීතිඥවරිය සහ ඇගේ සැමියා අවන්හලේ හිමිකරුට අලාභය ගෙවීම නිසා සමථයකට පත් වී ඇත.
 
 ඉකුත් 06 දින මොරවක ඉලූක්කැටිය ප‍්‍රදේශයේ අවන්හලකට පැමිණි අදාළ නීතිඥවරිය සහ ඇගේ සැමියා විසින් අමතර ඌරු මස් ඉල්ලිීමේදී ඇතිවූූ ගැටලූවක් මුල්කරගනිමින් සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
 
 මොරවක මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තකට සහභාගි වීම සඳහා පැමිණි පානදුර ප‍්‍රදේශයේ නීතිඥවරියක් සහ ඇගේ සැමියා විසින් කෑම වට්ටෝරුවට අමතරව ඉල්ලූ ඌරු මස් සම්බන්ධයෙන් මුල් වූූ
 
 ගැටලූවක් හේතුවෙන් මෙලෙස අවන්හලේ සේවකයන් බියගන්වා හිමිකරුට අසභ්‍ය වචනයෙන් බැණවැදී අවන්හලේ තිබූ භාණ්ඩවලට අලාභ හානි සිදු කර පළා ගොස් තිබිණි.
 
 මේ සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වෙත අවන්හලේ හිමිකරු සිදු කළ පැමිණිල්ලට අනුව සිදුවීමට අදාළ නීතිඥවරිය හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කොස්මෝදර පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දී තිබේ. ඒ අනුව පසුගිය 12 දා පොලිසියට පැමිණි නීතිඥවරිය සහ ඇගේ සැමියා විසින් අවන්හලේ හිමිකරුට වූ අලාභය ගෙවීමට පොරොන්දු වීමෙන් අනතුරුව රුපියල් විසි පන් දහස් පන්සීයක මුදලක් ගෙවා සමථයකට පත්වී ඇත.
 
 කොස්මෝදර පොලිස් ස්ථානාධිපති චන්දන අමරරත්න මහතාගේ මැදිහත් වීමෙන් එම කටයුතු සිදු කෙරිණි..

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles