Divaina - වෛද්‍ය යුවළක්‌ ඉදිකළ වැඩිහිටි නිවාසයේ වයරිං කිරීම නොදුන්නා යෑයි කිපුණු විදුලි කාර්මිකයා නිවාසයට හානි කරලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 මීගමුව සමූහ - විමල් කීර්ති
 
 නිවාස, ගොඩනැගිලි ආදියට විදුලි රැහැන් ඇදීමේ (වයරින් කිරීමේ) සහ ඉලෙක්‌ට්‍රොනික විදුලි උපාංග අලෙවිකිරීමේ නිරතව සිටි ඉලෙක්‌ට්‍රොනික උපකරණහල් හිමියෙකු විසින් ඉදිවෙමින් පවතින වැඩිහිටි නිවාසයට විදුලි උපාංග සවිකිරීමේ කොන්ත්‍රාත්තුව තමාට නොදුන්නේ යෑයි උරණවී රාත්‍රි කාලයේ තම ගෝලයන් සමග එහි පැමිණ එම වැඩිහිටි නිවාසයේ සියලු විදුලි උපාංග සොරකම් කර එහි විදුලි පද්ධතියට ලක්‍ෂ ගණනාවක අලාභහානියක්‌ සිදුකර ඇත.
 
 මේ බව අනාවරණය වූයේ එම අලාභය සම්බන්ධයෙන් කටාන පොලිසියේ නොවිසඳුන අපරාධ විසඳීමේ විශේෂ ඒකකයේ ස්‌ථානාධිපති සැරයන් (53155) සුදත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයේදීය. විශ්‍රාමික වෛද්‍ය යුවළක්‌ විසින් පිං පිණිස ඉදිකරනු ලබන මෙම වැඩිහිටි නිවාසය කටාන කඳවල ජුබිලි මාවතේ පිහිටා ඇත. මෙම නිවසට විදුලි උපාංග සවිකිරීම සහ වයරින් කිරීමට මීගමුව කුරණ ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවිකරන ව්‍යාපාරිකයකු ඉදිරිපත් වී ඇත. එහෙත් විදුලි උපාංග සවිකිරීමේ මූලික අවස්‌ථාවේදී එම විදුලි උපාංග සවිකිරීමේ කොන්ත්‍රාත්කරු විසින් විවිධ අක්‍රමිකතා සිදුකර ඇති බව වෛද්‍ය යුවළට හැඟී ගිය නිසා ඔහු එම කටයුත්තෙන් ඉවත් කර ඇත. මේ පිළිබඳ කොන්ත්‍රාත්කරු දැඩි කෝපයෙන් පසු වී ඇත.
 
 පසුගිය දිනක මැදියම් රැයේ තම ගෝලයන් දෙදෙනෙකු සමග ඉදිවෙමින් පවතින වැඩිහිටි නිවාසයට වෑන්රථයකින් පැමිණ එහි සවිකර තිබූ ටි්‍රප් ස්‌විච්, මේන් ස්‌විච්, ඇතුළු විදුලි උපාංග ගලවා සොරාගෙන ඇත. පසුව එහි සවිකර තිබූ විදුලි වයර් ආදිය ඉවතට ගෙන ඒවා යළි පාවිච්චි කළ නොහැකි වන පරිදි කෑලි කෑලිවලට කපා අබලිතත්ත්වයකට පත්කර ඔවුන් පැමිණි වෑන් රථයෙන් පළා ගොස්‌ ඇත.
 
 මෙම සොරකම සහ සිදුකර ඇති අලාභය රුපියල් ලක්‍ෂ ගණනාවක්‌ වන අතර එම සිද්ධිය පිළිබඳව කටාන පොලිසියේ නොවිසඳුන අපරාධ විමර්ශන ඒකකයට භාරවී ඇත.
 
 ඔවුන් විසින් අදාල වැඩිහිටි නිවාසය අසල නිවෙස්‌වල සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරා පද්ධති පුළුල්ලෙස විමර්ශනය කර මෙම අලාභ සිද්ධියේ සැකකරුවන් වෑන් රථය සහ සොරාගත් විදුලි උපංග අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී ප්‍රධාන සැකකරු ප්‍රකාශ කර ඇත්තේ වැඩිහිටි නිවසේ වයරින් කිරීම සහ විදුලි උපංග සවිකරීමේ කොන්ත්‍රාත්තුව තමාට නොදුන් නිසා මෙම අලාභය සිදුකළ බවය.
 
 මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මීගමුව කුරණ පීරිස්‌ මාවතේ පදිංචි සහ කුරණ ප්‍රදේශයේ ඉලෙක්‌ට්‍රොනික උපකරණ අලෙවිහල් හිමියකු වන ඩබ්ලිව්. ඒ අමල් වසන්ත කුමාර (40) නැමැත්තෙකි. අනිකුත් සැකකරුවන් දෙදෙනා ප්‍රධාන සැකකරුගේ ගෝලයන් වන මීගමුව දූව ගම්මානයේ පදිංචි කරුවන්ය.
 
 අත්අඩංගුවට ගත් සැකකරුවන් කටාන පොලිසිය විසින් මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය වෙත ඉදිරිපත් කළ අවස්‌ථාවේ සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප කර ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
 
 මෙහි විමර්ශන කටයුතු මීගමුව සහකාර පොලිස්‌ අධිකාරි ෂෂ පාලිත අමරතුංග මහතාගේ අධීක්‍ෂණය හා කටාන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඩිලාන් රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත කටාන පොලිසියේ නොවිසඳුනු අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති සැරයන් (53155) සුදත් ගුණවර්ධන, පො. කො.(38867) රණබාහු, (82685) උදයකුමාර, (33249) අනුශ්ක සහ පො. කො. (93442) සඳනුවන් යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles